දිනුක් හෙට්ටිආරච්චි HVA අධ්‍යක්ෂ මණ්ඩලයට

    April, 24, 2018

    HVA Foods PLC හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසින් දිනුක් හෙට්ටිආරච්චි මහතා පත් කර තිබේ. 2018 අප්‍රේල් 19 දින සිට බලපැවැත්වෙන පරිදි HVA Foods PLC හි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙසින් දිනුක් හෙට්ටිආරච්චි මහතා පත්කර ඇති බව සමාගම් ලෙකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    නිහාල් හෙට්ටිආරච්චි සහ සමාගමේ කළමනාකරණ හවුල්කරු ලෙසින් කටයුතු කරන ඔහු 3DH ඉන්ටර්නැෂනල් ගෘෘප් හි සභාපතිවරයා වේ.

    මේ අතර මෙරට ප්‍රමුඛතම වාණිජ මණ්ඩලයක් වන තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ අභිනව සභාපතිවරයා ලෙසින් ද දිනුක් හෙට්ටිආරච්චි මහතා පසුගිය දා පත්විය.