September, 6, 2022
අද (06) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 9,330.33 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 36.06 ක හෙවත් 0.38% ක පහළ යාමකි.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමක් වාර්තා වූයේ අඛණ්ඩ දින 5ක වර්ධනාත්මක ප්‍රවණතාවයකින් පසුවයි.
රු. බිලියන 4.10 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී වැඩිම දායකත්වය ලංකා IOC සමාගමේ කොටස් ගනුදෙනුවලින් ලැබී තිබුණි. රු. බිලියන 1.15 ක වටිනාකමකින් යුතු ලංකා IOC සමාගමේ කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ අතර අද දිනයේ රු. 228.25 ක් දක්වා වූ මිලකට ද එම සමාගමේ කොටස් ගනුදෙනු වීම දක්නට ලැබුණි.
මීට අමතරව එක්ස්පෝ ලංකා හොල්ඩිංග්ස් රු. මිලියන 367.64 ක්, LOLC ෆයිනෑන්ස් රු. මිලියන 260.23 ක් හා CIC හෝල්ඩින්ස් රු. මිලියන 206.58 ක් ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදුන් සෙසු සමාගම් විය.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීම සඳහා සමාගම් 83කින් ධනාත්මක දායකත්වයක් ලැබී තිබුණු අතර සමාගම් 112 කින්ම ලැබී තිබුණේ සෘණාත්මක දායකත්වයකි.
Video Story