දින 91 බිල්පත් පොලිය 32% පනී

    October, 5, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් අද (05) දින කැඳවන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රු. මිලියන 85,000 ක බිල්පත් ප්‍රමාණයක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

    මෙහිදී දින 91 බිල්පත් පොලිය පසුගිය සතියේ වාර්තා වූ 31.94% සිට මෙම සතියේ වෙන්දේසියේ දී 32.34% ක් දක්වා වැඩි වී ඇති අතර එම කාණ්ඩය යටතේ රු. මිලියන 76,421 ක ලංසු අනුමත කර ඇත.

    මීට අමතරව දින 182 බිල්පත් පොලිය 30.59% සිට 30.61% දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර දින 364 බිල්පත් පොලිය 29.85% සිට 29.75% දක්වා පහළ ගොස් තිබේ.

    එම කාණ්ඩ දෙක සඳහා පිළිවෙලින් රු. මිලියන 4,226 ක් හා රු. මිලියන 4,353 ක් වශයෙන් ලංසු අනුමත කර තිබුණි.