දියවැඩියාව, හෘදයාබාධ අඩුකරන මෘදුකාංග හැදෙන්නේ මෙහෙමයි

    March, 26, 2018

    NCD (Non Commutable Diseases) හෙවත් බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මෘදුකාංග සංවර්ධනය කෙරෙහි සිය අවධානය යොමුව ඇති බව hSenid මෘදුකාංග සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දිනේෂ් සපරමාදු මහතා පවසයි.

    අද දෙරණ Biz 24x7 ව්‍යාපාරික කතාබහ සමග එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

    මේ වන විට බොහෝ සමාගම් සිය කාර්ය මණ්ඩලයේ wellnesss හා wellbeing සංවර්ධනය කරන අකාරය පිළිබඳව අවධානය යොමු කර ඇති බවත්, මේ තත්ත්වය අනුව ඉදිරි වසර 5-10 තුළ දී මීට අදාළ මෘදුකාංග සංවර්ධනය කර මෙරට වෙළෙඳපොළට මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සපරමාදු මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින නැරඹිය හැකිය.