දිවයින පුරා විසිරී සිටින හොල්සිම් (ලංකා) සමාගමේ බෙදාහැරීමේ නියෝජිතයන් ඇගයේ

    June, 17, 2016

    ගොඩනැගිලි අමුද්‍රව්‍ය ක්ෂේත‍්‍රයේ ගෝලීය ප‍්‍රමුඛයාවන ලෆාජ්හොල්සිම් සමූහයේ සාමාජිකයෙකුවන හොල්සිම් (ලංකා) සමාගමේ දියුණුවට සුවිශාල පිටුබලයක් වන හවුල්කරුවන් හඳුනාගනිමින් ඔවුන්ගේ කැපවීම හා දායකත්වය අගයන, බෙදාහැරීමේ නියෝජිතයින්ගේ වාර්ෂික සම්මාන උළෙල පසුගියදා මීගමුව ජෙට්වින් බ්ලූ හෝටලයේදී පැවැත්වුණි.

    ‘අපේ බැඳීම’ මෙවර සම්මාන උළෙලේ තේමාව වූ අතර, හොල්සිම් (ලංකා) සමාගමේ විශ්වාසයවන එකමුතුබව හා හවුල්කරුවන් සමග පවතින ශක්තිමත් සබැඳියාව අඛණ්ඩව පවත්වාගැනීමට දක්වන දායකත්වය මෙම උළෙලේදී තවදුරටත් පිළිබිඹු විය. හොල්සිම් (ලංකා) සමාගමේ ඉහළ පෙළේ කළමනාකාරීත්ව සාමාජිකයින් මෙන්ම බෙදාහැරීමේ නියෝජිතයින් 77 දෙනෙකු හා ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් මෙම අභිමානවත් අවස්ථාවට එක්වූහ.

    හොල්සිම් (ලංකා) සමාගමේ බෙදාහැරීමේ නියෝජිතයින් වසර පුරා දැක්වූ සුවිශේෂී කැපවීම හා විශ්වාසය හඳුනාගනිමින් මෙවර සම්මාන උළෙලේදී සම්මාන 53 ක් පිරිනැමුණි. ‘වසරේ හොඳම බෙදාහැරීමේ නියෝජිතයා’ සම්මානය මෙම උළෙලේදී කැපී පෙනුණු සම්මානයක් වූ අතර ජයග‍්‍රාහකයින් දෙදෙනෙකු මෙම සම්මානය හිමිකරගැනීමට සමත්වූහ. පිළිමතලාව-නව මධ්‍යම වෙළඳසැල හා පුත්තලම සකුරා එන්ටර්ප‍්‍රයිසස්, ‘වසරේ හොඳම බෙදාහැරීමේ නියෝජිතයා’ සම්මානය දිනාගැනීමට සමත්වූහ.

    කුඩා පරිමාණ, මධ්‍යම හා මහා පරිමාණ යන වර්ගීකරණය යටතේ ප‍්‍රාදේශීය මෙන්ම ජාතික මට්ටමින් ද සම්මානයන් පිරිනැමුණි. එමෙන්ම, විකිණුම් කාර්ය සාධනය, වෙළඳපල තරගකාරීත්වය හා සමස්ත ව්‍යාපාරික හැකියාව පදනම් කරගනිමින් සම්මානලාභීන් ඇගයීමට ලක්කෙරුණි.

    ‘‘අතිවිශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුකෙරෙන හොල්සිම් (ලංකා) සමාගමේ බෙදාහැරීමේ නියෝජිතයින්ගේ වාර්ෂික සම්මාන උළෙල අප සමාගමට අභිමානවත් සැමරුම් ගෙනඑන සුවිශේෂී රැුයක් වනවා. හොල්සිම් (ලංකා) සමාගමේ නිෂ්පාදනයන් වෙනුවෙන් වන වෙළඳපළ වර්ධනය කිරීමෙහිලා අප බෙදාහැරීමේ නියෝජිතයින් පිරිස දක්වා තිබෙන සුවිශේෂී දායකත්වය ද මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්කරනවා. අප බෙදාහැරීමේ නියෝජිත ජාලය මෙරට අනාගතයට අවශ්‍ය පදනම නිර්මාණයේ කිරීමේ සැබෑ හවුල්කරුවන් වන බව මෙමගින් මනාව පෙන්නුම් කරනවා.’’ හොල්සිම් (ලංකා) සමාගමේ බෙදාහැරීමේ නියෝජිතයින්ගේ වාර්ෂික සම්මාන උළෙලේ සුවිශේෂත්වය පිළිබඳ අදහස් දැක්වූ හොල්සිම් (ලංකා) සමාගමේ වාණිජ අධ්‍යක්ෂ නලින් කරුණාරත්න මහතා පැවසුවේය.

    සේයා රූ සටහන - ‘වසරේ හොඳම බෙදාහැරීමේ නියෝජිතයා’ සම්මානය දිනාගත් සකුරා එන්ටර්ප‍්‍රයිසස් හි දිනූෂා ප‍්‍රියදර්ශනී මෙනවිය, ආනන්ද පෙරේරා මහතා හා ඞී. කේ. ජී. ඞී. කාංචන මහතා, ලෆාජ්හොල්සිම් සමූහයේ අග්නිදිග ආසියා කලාපයේ කළමනාකාර ඩැනියෙල් බෙක් මහතා, හොල්සිම් (ලංකා) සමාගමේ ප‍්‍රධාන විධායක නිළධාරි පිලිප් රිචාර්ට් මහතා, ‘වසරේ හොඳම බෙදාහැරීමේ නියෝජිතයා’ සම සම්මාන දිනාගත් පිළිමතලාව-නව මධ්‍යම වෙළඳසැල ලහිරු ඉඹුල්දෙණිය මහතා, හොල්සිම් (ලංකා) සමාගමේ ජාතික විකුණුම් කළමනාකාර සුජීව පෙරේරා මහතා හා වාණිජ අධ්‍යක්ෂ නලින් කරුණාරත්න මහතා මෙම ඡායාරූපයේ වමේ සිට දකුණට සිටින පිරිසය