දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක්

    July, 29, 2019

    දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක්  බවට පත්කරමින් 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ 2019 ජූලි 27 දින අංක 2133/65 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

    මෙම ගැසට් පත්‍රය අනුව මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියළුම පොදු ප්‍රවාහන සේවාවන් කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය වන්නා වූ දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව හා නිසි ආරක්ෂාව සැපයීමට අදාළ සංඥා පද්ධති හා මෙහෙයුම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කළ යුතු කවරාකාරයෙන් වූ සේවාවන් සහ මෙම සේවාවන් පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන්නාවූ සියළු වැඩ හා ඕනෑම ආකාරයක ශ්‍රමය සැපයීම අත්‍යවශ්‍ය සේවාවන් බවට මෙහි සඳහන් වේ.

    අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.