දුම්රිය එන්ජින් මිල දී ගැනීමට HSBC හා HNB සමඟ ණය ගිවිසුම්

    July, 26, 2017

    ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් උඩරට දුම්රිය මාර්ගයේ සිදු කරනු ලබන ධාවන කටයුතු වැඩිදියුණු කිරීම සඳහා දුම්රිය එන්ජින් 12ක් සහ ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

    ඒ අතුරින් ඩීසල් බලවේග කට්ටල 09ක් මිල දී ගැනීම සඳහා වන ව්‍යාපෘතියේ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 93.86ක් වේ.

    ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම පිණිස හොංකොං සහ ෂැන්හයි බෑන්කින් කෝපරේෂන් සමාගම සහ හැටන් නැෂනල් බැංකුව සමඟ ණය ගිවිසුම්වලට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.