දෙන්න පුළුවන් සෑම සහයෝගයක්ම ලබා දෙනවා – කටාර් තානාපතිවරයා සහතික වෙයි

    June, 8, 2022

    කටාර් රාජ්‍යයේ තානාපති ජසීම් බින් ජාබර් ජේ. බී. අල්- සරූර් මහතා 2022 ජූනි 06 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමුවිය.

    මෙම හමුව අතරතුර සිය අදහස් පළ කළ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය පීරිස් මහතා,  ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය සහ ආර්ථිකය සතු ඔරොත්තු දීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා රජය විසින් මෙතෙක් ගනු ලැබූ ප්‍රත්‍යක්ෂ ක්‍රියාමාර්ග පිළිබඳව තානාපතිවරයා දැනුම්වත් කළේ ය.

    ශ්‍රී ලංකා - කටාර් ද්විපාර්ශ්වික සබඳතා ආශ්‍රිත වැදගත්කම පිළිබඳව අවධාරණය කළ කටාර් තානාපතිවරයා, මෙම අවස්ථාවේ දී ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බවට සහතික විය.