දෙපාර්තමේන්තු දෙකක් ඈවර කර වසා දමයි

    June, 15, 2023

    1979 අංක 1 දරන පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරී පනත මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමග අවලංගු කරන ලද අභ්‍යන්තර වෙළෙඳ දොපර්තමේන්තුව ඈවර කර වසා දැමීම පිළිබඳ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

    මීට අමතරව 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික සංස්ථා පනතේ 02 වැනි වගන්තිය යටතේ සංස්ථාපිත නියෝගයක් මගින් සංස්ථාවක් බවට පරිවර්තනය කර ඒ බව 1990 පෙබරවාරි මස 06 දිනැති අංක 596/11 අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ද ඈවර කර වසා දමන බවට අති විශේෂ ගැසට් නිවේදනයකින් මහජතාවට දැනුම් දී ඇත.