දේශපාලන අර්බුද මැද විදේශිකයෝ රුපියල් බිලියන 30 ක ආයෝජන ඉවත් කර ගනිති

    November, 19, 2018

    පසුගිය ඔක්තෝබර් 26 වන දා මෙරට ඇති වූ දේශපාලන බල පෙරළියෙන් පසු රුපියල් බිලියන 30 ක් ඉක්මවූ විදෙස් ආයෝජන කොළඹ කොටස් වෙළෙඳපොළෙන් හා රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවතට ඇදී ගොස් ඇති බව වාර්තා වේ.

    මෙම වකවානුව තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වන විදේශීය ගැනුම් රුපියල් බිලියන 4.9 ක් වන අතර විදේශීය විකුණුම් රුපියල් බිලියන 12.5 ක් ලෙසින් වාර්තා වේ.මේ අනුව රුපියල් බිලියන 7.7 ක ශුද්ධ විදේශීය ගලා යාමක් කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වී තිබේ.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවන්ට අනුව රජයේ සුරැකුම්පත් ආයෝජනවල විදේස් අයිතිය රුපියල් බිලියන 23 කින් පමණ අඩු වී තිබේ.

    2018 ඔක්තෝබර් 24 වන විට මෙම වටිනාකම රුපියල් මිලියන 232,105 ක්ව පැවති අතර එය 2018 නොවැම්බර් 14 වන විට රුපියල් මිලියන 209,181 ක් දක්වා පහත බැස ඇත.