දේශීය ආදායම් පනත සරල කිරීමට පියවර

    May, 5, 2016

    2016 අයවැය මඟින් යෝජනා කරන ලද පරිදි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පැහැදිලි හා වඩාත් විනිවිද පෙනෙ‍න ආකාරයට සහ නවීන බදු ක්‍රමයක තිබිය යුතු මූලිකාංග සහිතව දේශීය ආදායම් පනත යළි කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් දීම පිණිස කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

    ශ්‍රී ලංකාව තුළ ආදායම් බදු පැනවීම පිණිස අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන දේශීය ආදායම් පනත මඟින් සැලසෙන අතර, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත පැනවීමේ සිට මේ දක්වා වරින් වර සිදු කෙරුණු සංශෝධන හේතුවෙන් එම පනත සංකීර්ණ තත්ත්වයකට පත්ව ඇත. එබැවින් වඩාත් සරල සහ ආයෝජකයින්ගේ ආකර්ෂණයට හේතුවන පරිදි පිළිගත් බදු මූලධර්ම අනුව බදු නීතිය නවීකරණය කිරිම කාලීන අවශ්‍යතාවක් වී තිබෙන බව කැබිනට් මණ්ඩලයේ අදහසයි.