දේශීය ව්‍යවසායකයා ආරක්ෂා වන අයුරින් නිදහස් වෙළෙඳ ගිවිසුම් සකස් කළ යුතුයි – දිනුක් හෙට්ටිආරච්චි

    July, 17, 2018

    මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා කළ යුතු ප්‍රධානතම කාර්යය වන්නේ දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කිරීම් බවත්, විදෙස් රාජ්‍යයන් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් කරා යාමේ දී දේශීය ව්‍යවසායකයා ආරක්ෂා වන ආකාරයෙන් ඒවා සකස් කළ යුතු බවත්, තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ සභාපති දිනුක් හෙට්ටිආරච්චි මහතා පවසයි. අද දෙරණ Biz Journal සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ රජයේ බදු ප්‍රතිපත්තිය සෑම දෙනාටම සාධාරණව හා පොදුවේ ක්‍රියාත්මක විය යුතු බවයි.

    තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ සභාපති දිනුක් හෙට්ටිආරච්චි මහතා සමඟ අද දෙරණ Biz Journal කළ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකියි.