දෝෂ සහිත කාර් ලක්ෂ 17 ක් ටොයොටා නැවත කැඳවයි

    October, 15, 2014

    ලෝකයේ ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ජපානයේ ටොයොටා සමාගම විසින් තමන් අලෙවි කර තිබෙන විවිධ දෝෂ සහිත මෝටර් රථ මිලියන 1.75 ක එම දෝෂ නිවැරදි කිරීම සඳහා ඒවා නැවතත් සමාගම වෙත කැඳවීමට තීරණය කර ඇත.

    මෙම මෝටර් රථ අතර ශ්‍රී ලංකාවට විකුණා තිබෙන මෝටර් රථ තිබේදැයි අනාවරණය නොවන අතර මීට පෙර මෙවැනි දෝෂ තිබූ ලංකාවට විකුණූ මෝටර් රථවල අදාළ දෝෂ නිවැරදි කිරීමට ටොයොටා කටයුතු කළේය.

    වාර්තා වන ආකාරයට මෙවර මෙම මෝටර් රථ නැවතත් සමාගමට කැඳවන්නේ තිරිංග පද්ධතියේ සහ ඉන්ධන පද්ධතියේ ඇතැයි කියන දෝෂ නිවැරදි කිරීම සඳහායි.
    තිරිංග පද්ධතියේ දෝෂය Crown Majesta, Noah සහ Voxy යන වාහන මාදිලිවල ඇතැයි සඳහන්ය.
    මෙම දෝෂ හේතුවෙන් අනතුරු වාර්තා වී නොමැති බවත් මෙම දෝෂ නිවැරදි කිරීම සඳහා වැයවන අමතර වියදම ටොයොටා විසින් ප්‍රකාශයට පත්කර නොමැති බවත් වාර්තා වේ.