November, 26, 2019
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම නිකුත් කිරීමට තීරණය කරන ලදී.
මෙහිදී මහ බැංකුව වැඩිදුරටත් කියා සිටියේ, ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයට සහ ශ්‍රී ලංකා මහ බැංකුවට සලකා බැලීම සඳහා ප්රාග්ධනය ගෙන ඒමට අවශ්‍ය අරමුදල් විශ්වසනීය තහවුරුවක් සමඟින් කැමැත්ත පලකිරීමේ ලියවිලි මෙන්ම ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සැලැස්මක් ඉදිරිපත් කිරීමට ඕනෑම විශ්වසනීය ආයෝජකයෙකුට තවමත් හැකියාව ඇති බවයි.
මේ සම්බන්ධයෙන් ඊයේ (25) දිනයේ දී නිවේදනයක් නිකුත් කිරීමට ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී පියවර ගෙන ඇත. එහිදී ඔවුන් පවසන්නේ මේ වන විට ආයෝජකයින් තිදෙනෙකු වෙත මෙම යෝජනා ගෙන ගොස් ඇති බවත් සමාගමේ බලපත්‍රය ලැබීම මත එම ආයෝජකයින්ගේ කටයුතු කිරීම සලකා බැලීමට පියවර ගනු ඇති බවත්ය.
මෙහිදී වැඩිදුරටත් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී පවසන්නේ දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් සමඟ ද සමාගමට ආයෝජනයන් ගෙන ඒම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුකරමින් පවතින බවයි.
ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනයේ නැවත පිබිදීම මුළුමනින්ම රඳා පවතින්නේ ආයතනයේ හිමිකම් ප්රාග්ධනයේ ආයෝජනය කිරීමට කැමැත්තක් දක්වන මෙන්ම පිළිගත හැකි මට්ටමේ ආයෝජකයෙකු මත පමණක් බව මහ බැංකුවේ මුදල් මණ්ඩලය මතය වී තිබේ.
සිය බලපත්‍රය අවලංගු කිරීමෙන් වළකින ලෙසත්, ‘අවලංගු කිරීමේ නිවේදනය‘ දින 60 කින් දීර්ඝ කරන ලෙසත් ද ෆිනෑන්ස් අධ්යක්ෂ මණ්ඩලය මෙහිදී මහ බැංකුවෙන් ඉල්ලා සිටී. මේ සම්බන්ධයෙන් ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී විසින් නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.


Video Story