ධම්මික පෙරේරා – JW Marriott සහ Ritz-Carlton සමඟ ගිවිසුම්ගත වෙයි. ජාත්‍යන්තර හෝටල් දෙකක් ශ්‍රී ලංකාවට

    February, 13, 2020

    ලොව ප්‍රමුඛතම හෝටල් සන්නාම දෙකක් වන JW Marriott සහ Ritz-Carlton හෝටල් මෙරට ස්ථාපිත කිරීම සඳහා අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම පසුගිය දා සිදුවිය. වැලිබල් වන් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමක් වන ග්‍රීනර් වෝටර් ලිමිටඩ් හි සභාපතිවරයා වශයෙන් මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සහ සමර් සීසන් ලිමිටඩ් හි සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා මෙහිදී අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කරන ලදී.

    මැරියට් ඉන්ටර්නැෂනල් ආසියානු ශාන්තිකර (චීනය හැර) සභාපති රජීව් මෙනන් සමඟින් ධම්මිකා පෙරේරා මෙහිදී අවබෝධතා ගිවිසුමට එළඹි අතර Ritz Carlton මිරිස්ස සඳහා හේලීස් පීඑල්සී සභාපති මොහාන් පණ්ඩිතගේ මහතා අත්සන් කරන ලදී.

    මෙම ගිවිසුම් ප්‍රකාරව අතිසුඛෝපභෝගී කාමර 500 කින් යුතු තරු පහේ JW Marriott හෝටලයක් මීගමුවේ දී 2021 සිව්වන කාර්තුවේ දී විවෘත වීමට නියමිතය. එසේම කාමර 228කින් යුතු Ritz Carlton හෝටලය 2022 තෙවන කාර්තුවේ දී මිරිස්සේ දී විවෘත වේ.