March, 11, 2019
මීට මාසයකට පමණ පෙර තමන් ධම්මික පෙරේරා මහතාගේ දේශනයකට සවන් දුන් බවත්, මෙම ආණ්ඩුව කර ගෙන යාමට ධම්මික පෙරේරා මහතාට සහ හැරී ජයවර්ධන මහතාට භාර දිය යුතු බවට තමන් දැඩිව කල්පනා කරන බවත්, ලොව ප්‍රමුඛතම වෘත්තීය සේවා ජාලයක් වන KPMG හි ශ්‍රී ලංකා ප්‍රධානී රෙයාස් මිහුලර් මහතා පවසයි.
පසුගිය (07) දා පැවති පශ්චාත් අයවැය සාකච්ඡා සභාවක දී, මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා සිදුකළ අදහස් දැක්වීමකින් පසු මිහුලර් මහතා මෙසේ පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් KPMG ශ්‍රී ලංකා ප්‍රධානියා කියා සිටියේ, මෙරට සියලූම අයවැය ගැටළුවලට ඔවුන් සතුව විසඳුම් ඇති බවයි. KPMG Budget Forum 2019 නමින් නම් කර තිබූ මෙම ව්‍යාපාරික කතිකාව පසුගිය මාර්තු 07 දා කොළඹ දී පැවැත්විණි.
මේ අතර පසුගිය වසරේ පැවති Fire Side Chat ව්‍යාපාරික සාකච්ඡා සභාවේ දී මෙරට තවත් ප්‍රමුඛතම ව්‍යාපාරිකයෙකු වන සුමල් පෙරේරා මහතා විසින්, ධම්මික පෙරේරා මහතා මීළඟ ජනාධිපතිවරණයට සුදුස්සෙකු බව කියා සිටියේය. කෙසේවෙතත් දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහන සමඟ එක්වෙමින් ධම්මික පෙරේරා මහතා කියා සිටියේ, තමන් භාණ්ඩාගාර ලේකම් වැනි තනතුරක් භාර ගැනීමට සූදානමින් සිටින බවයි. එසේම දැනට දැඩි අලාභදායී තත්ත්වයකට පත්ව ඇති ශ්‍රීලංකන් ගුවන් සේවය ලාභදායී තත්ත්වයට පත් කළ හැකි එකම පුද්ගලයා හැරී ජයවර්ධන මහතා පමණක් බව ධම්මික පෙරේරා මහතා එහිදී අවධාරණය කර සිටියේය.
KPMG Budget Forum 2019 හිදී හැරී ජයවර්ධන මහතා සහ රෙයාස් මිහුලර් මහතාගේ අදහස් දැක්වීම් පහතින් නැරඹිය හැකිය.
Video Story