ධාවනයේදීම චාර්ජ් කළ හැකි ලොව පළමු ඉලෙක්ට්‍රික් මාර්ගය එළි දකී

    April, 18, 2018

    ඉලෙක්ට්‍රික් මෝටර් රථ ධාවනයේ පවතිද්දීම එහි බැටරිය නැවත ආරෝපණය කළ හැකි මාර්ගයක්, ලොව පළමු වරට හඳුන්වා දී තිබේ. ස්වීඩනයේ පිහිටා ඇති මෙම මාර්ගය කිලෝමීටර 2 ක දුරකින් යුක්තය. නියමු ව්‍යාපෘතියක් ලෙසින් මෙම මාර්ගය ස්ථාපිත කර ඇත.

    මාර්ගයෙහි සවිකර ඇති රේලි පීලි හරහා මෝටර් රථයේ පහළින් ස්ථාපිත චලනය කළ හැකි ආධාරකයක් වෙතට විදුලිය හුවමාරු වීමක් මෙහිදී සිදුවේ. වාහනය ධාවනයේ යෙදෙන විට එහි බැටරිය නැවත ආරෝපණය වන අතර වාහන නවතන විට මෙම සබඳතාවය විසන්ධි වේ.

    මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද eRoadArlanda සමාගමේ ප්‍රධාන විධායක Hans Säll මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ සඳහා යන වියදම නාගරික ට්‍රෑම් මාර්ගයක් ඉදිකරනවාට වඩා 50 ගුණයකින් පමණ අඩුබවයි.

    වසර 2030 වන විට පොසිල ඉන්ධන භාවිතයෙන් සම්පූර්ණයෙන් තොර රටක් බවට පත්වීමට ස්වීඩනය සැලසුමක් ක්‍රියත්මක කර ඇති අතර මෙය එහ එක් පියවරකි.

    මේ පිළිබඳව Guardian News පුවත් සේවය පළ කර තිබූ වීඩියෝවක් පහත දැක්වේ.