නරිටා ගුවන්තොටෙන් පිටවන ශ්‍රීලංකන් යානාවලට ආහාර සපයන්න යෙන් මිලියන 307ක කොන්ත්‍රාත්තුවක්

    October, 3, 2019

    2019 නොවැම්බර් 15 දින සිට වසර 02 ක කොන්ත්‍රාත් කාලයක් සඳහා, ජපානයේ නරිටා ජාත්‍යන්තර ගුවන් තොටුපළින් පිටත් වන ශ්‍රීලංකන් ගුවන් සේවාවේ ගුවන් ගමන් වාර 520 ක් සඳහා අවශ්‍ය වන ආහාර හා පාන වර්ග සපයාගැනීමේ කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ජපාන යෙන් 307,695,073 ක වටිනාකමකට M/s Gate Gourmet Japan Ltd. ආයතනය වෙත පිරිනැමීම පිණිස මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.