• Ada Derana BIZ Sinhala
  • Katunayake
  • manufacturing
  • opened
  • pharmaceutical
  • sri lanka

නවතම ඖෂධ නිෂ්පාදනාගාරයක් කටුනායක දී විවෘත කෙරේ

October, 10, 2022

ශ්‍රී ලංකාවේ ස්ථාපිත ප්‍රථම ජීවානුහරණය කරන ලද ද්‍රව්‍යමය ලෙස නිපදවන ඖෂධ නිෂ්පාදනාගාරය වන Yaden Laboratories ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ශාලාව කටුනායක ආයෝජන කලාපයේ දී අද (10) දින විවෘත කෙරුණි. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මෙම රසායනාගාරය ස්ථාපිත කළ බව Yaden Laboratories නිර්මාතෘ හා කළමනාකාර අධ්‍යක්ෂ ශශීමාල් දිසානායක මහතා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශශීමාල් දිසානායක මහතා,

“පසුගිය වසර දහයක කාලයේ දී යාඩෙන් සමාගම දිගු දුරක් පැමිණ තිබෙනවා. 2012 වර්ෂයේ දී දෙදෙනෙකුගෙන් මේ රසායනාගාරය ආරම්භ කළා. අද වනවිට සියයට සීයක්ම උසස් තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය කරන්න අපේ රසායනාගාරයට හැකියාව ලැබී තිබෙනවා. මෙම ඖෂධ රසායනාගාරය අද ශ්‍රී ලංකා ඉතිහාසයට එක්ව තිබෙනවා. අද වනවිට රසායනාගාර කාර්ය මණ්ඩලය 110ක් මෙහි සිටිනවා. ඒ වගේම තාක්ෂණික ශිල්පීන් 20 දෙනෙක් ද සේවය කරනවා. අති නවීන පහසුකම්වලින් අපේ රසායනාගාරය සමන්විතයි. ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ඖෂධ ලබාදීමේ ප්‍රමුඛ අරමුණින් මෙම රසායනාගාරය ස්ථාපිත කර තිබෙනවා. ඒ අනුව විදේශයන්ට ඇදීයන විශාල මුදලක් රටතුළ ඉතිරි කර ගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා.“

 

Video Story

Latest News

Stock Market

Exchange Rates