නවතම Ford Ranger Raptor රථය මෙරටට හඳුන්වා දෙයි

    August, 6, 2019

    ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු වන ෆෝර්ඩ් මෝටර් සමාගම, පසුගියදා Ford Ranger Raptor මාදිලියේ 2018/2019 සංස්කරණය මෙරටට හඳුන්වා දුන්නේය. සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් සමාගමේ අනුබද්ධිත සමාගමක්වන Future Automobiles සමාග ෆෝර්ඩ් මෝටර් සමාගම මෙරට නියෝජනය කරයි.

     

    ලොව අභියෝගාත්මක තත්ත්වයන් සහ ඕෆ්-රෝඩ් ධාවන අත්දැකීම් සඳහා ම විශේෂයෙන් නිමවා ඇති Ford Ranger Raptor මාදිලියේ සමස්ත සැකැස්ම ම උපරිම දිගුකල් පැවැත්මක් ලබාදීම සඳහා සකස් කර ඇත. මිමී 283ක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස්, අංශක 32.5 ඇප්‍රොච් ඈන්ගල්, අංශක 24 ඩිපාචර් ඈන්ගල්, අංශක 24ක බ්‍රේක්-ඕවර් ඈන්ගල් සහ මිමී 850ක ජලයේ ධාවනය කිරීමේ හැකියාව නිසා මෙය අතිශය අභියෝගාත්මක තත්ත්ව යටතේ වුව ද මනා ක්‍රියාකාරිත්වයක් හිමිකර දෙයි. 1,996CC එන්ජින් ධාරිතාවකින් සහ පැඩ්ල් ශිෆ්ටින්ග් සමගින් එන ඔටෝ ට්‍රාන්ස්මිෂන් ගියර් බොක්ස් එකකින් මෙම මාදිලිය සමන්විතය. එහි ඇති සිලින්ඩර් 4 ක 16V Bi-Turbo ඉන්ටර්කූලර් පහසුකම මගින් 156.7 KW / 213 PS @ 3,750 RPM ක උපරිම එන්ජින් බලයක් මෙන්ම NM @ RPM - 500 NM @ 1750 – 2000 RPMක ව්‍යවර්තන හැකියාවක් ලබාදෙයි. නවීන භූමි කළමනාකරණ පද්ධතිය හරහා ධාවන ආකාර හයකට රථය සකස් කළ හැකි බැවින් ඕනෑම බිම් තත්ත්වයක පාහේ පහසුවෙන් ධාවනය කළ හැකිය.

     

    මගීන් හට උපරිම සුවපහසුවක් ලබාදීම සඳහා Ford Ranger Raptor රථයේ අභ්‍යන්තරය සකස් කර ඇත. Apple Carplay, Android Auto Support, Bluetooth, USB සම්බන්ධක දෙකක්, FM/AM ස්ටීරියෝ රේඩියෝ සහ ස්පීකර් 6කින් සමන්විත තනි CD/MP3 ප්ලේයර්, අඟල් 8ක මල්ටි ෆන්ක්ෂන් ටච් ස්ක්‍රීන් සහ නැවිගේෂන් සිස්ටම්, සකස් කළ හැකි රියදුරු අසුන, සුක්කානමේ ඇති ඕඩියෝ කන්ට්‍රෝල්, පුෂ් ස්ටාර්ට් සමගින් දුරස්ථ පාලක ප්‍රවේශය, ඩුවල් සෝන් ක්ලයිමෙට් කන්ට්‍රෝල් සහ හීටර් ඇතුළු පහසුකම් රැසකින් එය සමන්විතය. සුවපහසුව මෙන්ම ආරක්‍ෂිත අංග රැසකින් ද මෙම මාදිලිය සමන්විත වේ. එයාර් බෑග් 6ක්, ABS සමගින් එන Dynamic Stability Control (DSC), Traction Control System, Hill Descent Control, Hill Launch Assist, MyKey ආදී පහසුකම් රැසක් ඒ අතර වෙයි.

     

    ෆෝර්ඩ් යනු රථ වාහන ක්ෂේත්‍රයේ සීමා මායිම් පුළුල් කිරීමට කැපවූ සමාගමක් වන අතර Ford Ranger Raptor එම අඛණ්ඩ උත්සාහය තවදුරටත් පිළිබිඹු කරනවා. මෙම මාදිලිය ඕෆ්-රෝඩ් ධාවනයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරන අතර Ranger මාදිලිවල එන සවිශක්තිය සහ ඉංජිනේරු හැකියා ව එලෙසින් ම කැටිකොට තිබෙනවා" යනුවෙන් Future Automobiles සමාගමේ විකුණුම් අංශයේ අධ්‍යක්ෂ ගිහාන් විතාරණ මහතා සඳහන් කළේය.

     

    Future Automobiles සමාගම විසින් අලෙවි කරනු ලබන සියලු ම Ford Ranger Raptor රථ සඳහා කි.මී 100,000ක හෝ වසර 5ක පවර් ට්‍රේන් වගකීමක් හිමිවේ. බත්තරමුල්ල පිහිටි නවීන ෆෝර්ඩ් 3S අලෙවි නියෝජිත මධ්‍යස්ථානය හරහා සමස්ත සේවා අත්දැකීම ෆෝර්ඩ් ගෝලීය ප්‍රමිතියට අනුකූලව සිදු කෙරෙන බවට තහවුරු කෙරේ. තවද, මෙරට සියලු ම පළාත් නියෝජනය වන පරිදි ස්ථාපනය කර ඇති සේවා අලෙවි නියෝජිත පරිශ්‍ර 12ක ජාලය ද විශේෂයෙන් පුහුණුව ලත් තාක්ෂණික ශිල්පීන්ගෙන් සමන්විත වන බැවින් ෆෝර්ඩ් පාරිභෝගිකයන් හට සිය රථය සම්බන්ධ ඕනෑම අංශයක් පිළිබඳ පහසුවෙන් කටයුතු සිදුකර ගත හැකිය.

     

    ශ්‍රී ලංකාව තුළ ෆෝර්ඩ් සන්නාමයේ ඉතිහාසය මෙරට මෝටර් රථ කර්මාන්තයේ ඉතිහාසය තරම් ඈතට දිවයන්නකි. Ford සමාගම 2011 වසරේදී Future Automobiles සමාගම සමාගම සමග අත්වැල් බැඳ ගැනීමත් සමග මෙරට පාරිභෝගික ජනතාව ෆෝර්ඩ් යනු සුරක්ෂිතතාව, ඉන්ධන කාර්යක්ෂමතාව, උසස් නිමාව සහ නව්‍යකරණය සඳහා නම් දැරූ සන්නාමයක් ලෙස ඉතා කෙටි කලෙකින් ම හඳුනා ගත්හ. සුරක්ෂිත බව සඳහා තරු 5 NCAP ශ්‍රේණිගත කිරීම ද සමගින් ශ්‍රී ලංකාවේ ෆෝර්ඩ් ප්‍රදර්ශනාගාරය තුළ මේවන විට Fiesta (සෙඩෑන්), Kuga (SUV), EcoSport (SUV), Focus (සෙඩෑන්) සහ Everest (SUV-ආසන 7) යන මාදිලි ප්‍රදර්ශනය කෙරේ.