නවලෝක රෝහල ආහාර ස්වස්ථතාව 5 Crown  සම්මානයෙන් අඛණ්ඩව පස්වන වරටත් පිදුම් ලබයි

    February, 24, 2020

    ආහාර ස්වස්ථතාව හෙවත් එහි ගුණාත්මක බව සහ සනීපාරක්ෂාව සම්බන්ධව Ind-Expo Certification Ltd ආයතනය විසින් පිරිනමනු ලබන 5 Crown  සම්මානයෙන් අඛණ්ඩව පස්වන වරටත් පිදුම් ලැබීමට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු වන නවලෝක රෝහල සමත් වී තිබේ.

    නවලෝක රෝහල් ජාලය වර්ෂ 2012 දී පළමු වරට මෙම සම්මනය සඳහා අයදුම් කළ අතර එම පළමු උත්සාහයෙන්ම සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම විශේෂත්වයකි. එතැන් සිට ආහාර ගබඩා කිරීම් පිළියෙළ කිරීම ඇතුළු ආහාර සම්බන්ධ සෑම ක‍්‍රියාවලියක්ම තවදුරටත් ශකිතිමත් කරමින් රෝගීනේගේ සුරක්ෂිත බව වෙනුවෙන් නවලෝක රෝහල ජාලය මනා කැපවීමකින් කටයුතු කරනු ලබයි.

    Ind-Expo Certification Ltd ආයතනය විසින් මෙම  සම්මානය නිල වශයෙන් පිරිනැමීම නවලෝක රෝහල් ශ‍්‍රවනාගාරයේදී පසුගියදා සිදු කෙරිණි.

    ශ‍්‍රී ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය ^CNCI& සහ ශ‍්‍රී ලංකාවේ ජාතික අපනයන මණ්ඩලය ^NCE& එක්ව පිහිටුවන ලද Ind-Expo යනු සහතිකකරණ සහ පුහුණුව ලබා දෙන ලාභ නොලබන ආයතනයකි. මෙම ආයතනය විසින් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූල ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධති හඳුනාගනිමින් අදාළ ආයතන සහතිකකරණයට ලක් කර සම්මාන ලබා දෙනු ලබයි. මෙම සහතිකකරණයෙදී  ආදළ ආයතනයේ මුළුතැන් ගෙය පුළුල් විගණනයකට ලක් කරන අතර මුළුතැන්ගෙය තුළ සිදුවන සියලූ ක‍්‍රියාදාමයන් විස්තර කරන නිවැරදි ලියකියවිලි නඩත්තු කිරීම සඳහා ද  ලකුණු ලබා දෙනු ලැබේ.

    නවලෝක රෝහලේ මුළුතැන්ගෙය ඉතාමත් කාර්ය බහුල ස්ථානයක් වන අතර දිනකට ආහාර වේල් 300-400 ත් අතර ප‍්‍රමාණයක් තුන් වතාවක් පිළියෙළ කරනු ලැබේ. එසේම මෙවැනි විශාල ආහාර ප‍්‍රමාණයක ගුණාත්මකබව සහ සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා රෝහල් කළමනාකාරිත්වය විසින් සෑම වසරකම මනා සැළකිල්ලෙන් සකසන ලද ආහාර සුරක්ෂිතතා කළමනාකරණ පද්ධතියක් සමඟ ප‍්‍රධාන කාර්ය සාධන දර්ශක මාලාවක් ක‍්‍රියාත්මක කරනු ලබයි.

    40 දෙනෙකුගෙන් පමණ යුත් මෙම මුළුතැන්ගෙයි කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානත්වය ප‍්‍රධාන සුපවේදී දේශබන්දු ආචාර්ය මාරියෝ ඇලන් ජෙරේන් විසින් දරනු ලබන අතර සුපවේදයේ වසර 30 කට වැඩි මනා පළපුරුද්දක් සහිත ඔහු පසුගිය වසර 15 පුරා නවලෝක රෝහල සමග කටයුතු කර තිබීම විශේෂත්වයකි.

    එසේම පුද්ගල ස්වස්ථතාව සම්බන්ධයෙන්  උසස් ප‍්‍රමිතීන් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව නවලෝක රෝහල්  කාර්ය මණ්ඩලයේ  සෑම පුද්ගලයකු තුළම ගැඹුරු ඇගයීමක් හා අවබෝධයක්  ඇත.

    මේ පිළිබඳව අදහස් දැක්වූ නවලෝක රෝහලේ ප‍්‍රධාන සූපවේදී දේශබන්දු ආචාර්ය මාරියෝ ඇලන් මහතා,” මෙම විශිෂ්ට සහතිකය අපට නැවත වරක් ලැබීම පිලිබඳ අප ආඩම්බරයටත් සතුටටත් පත් වෙනවා. ඒවගේම ආහාර සැකසීමේ ක‍්‍රියාවලියේ සිට සෑම කාර්යයක් සම්බන්ධයෙන්ම අප අනුගමනය කරනු ලබන ආරක්ෂිත පිළිවෙත් හි ඉහළම ප‍්‍රමිතීන් සහතික කිරීම සඳහා අපගේ කැපවීම මෙන්ම වෙහෙස මහන්සි වී වැඩ කිරීම මෙම සම්මානය තුළින් පිළිබිඹු වනවා.කෙසේවෙතත් අප අපගේ සම්මානයන් මත රැඳී නොසිට අප අනුගමනය කරනු ලබන ක‍්‍රියාමාර්ගයන් තවදුරටත් වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වනවා.එහිදී අපගේ කළමනාකාරිත්වය අනාගත කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩසටහන් රාශියක් සැලසුම් කර ඇති අතර  ආහාර සුරක්ෂිතා කළමනාකරණ ප‍්‍රතිපත්ති අඛණ්ඩව සංශෝධනය කරමින් පවතිනවා.”යැයි පැවසීය.

    වර්ෂ 1985 දී සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට අවතීර්ණ වූ නවලෝක රෝහල තෘතීයික සුව සේවා සැපයීම සඳහා ශ‍්‍රී ලංකාවේ ස්ථාපිත කළ පළමු පෞද්ගලික රෝහල වෙයි. වර්තමානයේ නවලෝක සමුහයේ සභාපති අචාර්ය ජයන්ත ධරමදාස මහතාගේ දූරදර්ශී නායකත්වයත් මගපෙන්වීමත් යටතේ ක‍්‍රියාත්මක නවලෝක රෝහල ආසියාවේ සාර්ථකත්වයට පත් ඉහළම රෝහල් අනුගමනය කරමින් සහ උසස්ම තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ ස්ථාපිත කිරීමෙන් මෙන්ම විශේඥ වෛද්‍ය සේවා සැපයීමෙන් ශ‍්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ ද සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වයේ මිනුම් සලකුණ වීමට සමත්ව ඇත. ශ‍්‍රී ලංකාවේ පළමු වරට හඳුන්වා දී ඇති නවීන CT" MRI ස්කෑනරස්, මැමෝග‍්‍රැෆි ඒකක, හෘද කැතීටරීකරණ රසායනාගාර, ආදියෙන් නවලෝක රෝහල සමන්විත වෙයි. එසේම පුද්ගලික රෝහලක ස්ථාපිත පළමු කිරීටක ධමනි බයිපාස් ඒකකය; අක්මා පරීක්ෂණය සඳහා හඳුන්වා දී තිබෙන නවීනතම ෆයිබ්‍රෝස්කෑන් ක‍්‍රමවේදය දකුණු ආසියාවේ පළමු  640 slice CT ස්කෑනරය යනාදි සියලූම උසස් තාක්ෂණික වෛද්‍ය උපකරණ වඩාත් නිවැරදි සහ ගුණාත්මක රෝග විනිශ්චයකට මග පෙන්වනු ලැබේ.‘

    නවලෝක හෘද මධ්‍යස්ථානය  ලංකාවේ ප‍්‍රථම විශේෂිත වූ හෘද රෝග ඒකකය වන අතර එය ස්ථාපිත කල දා සිට මේ වන තෙක් හෘද සැත්කම් 13500 කට වැඩි ප‍්‍රමාණයක් සාර්ථකව නිම කිරීමට හැකිවී තිබේ. මීට අතිරේඛව ආහාර ජීර්ණ සෞඛ්‍යය, පපුව ආශ‍්‍රිත සායන, නින්ද සම්බන්ධ ගැටලූ සඳහා උපදෙස් , රුමටෝලොජි, වේදනා සමනය, විකිරණවේදය, අක්ෂි සැත්කම්, භෞත චිකිත්සාව,මෙන්ම සම සහ රූපලාවන්‍ය ගැටලූ සඳහා විශේෂිත වූ අංශයන්ද රෝහලේ ස්ථාපිත කර ඇත. එසේම පැය 24 පුරා ක‍්‍රියාත්මක වන බාහිර රෝගී අංශයක්, නවීන ETU පහසුකම්, ජංගම ICU ඇතුළත් ගුවන් හා ගොඩබිම් වෛද්‍ය සේවා මෙන්ම වෘත්තීය ගෘහස්ථ සත්කාර සේවා සපයන ගෘහ හෙද ඒකකයක් ද නවලෝක රෝහල විසින් සපයනු ලබන සෙසු පහසුකම් වෙයි. මේ සඳහා සහය වීමට රෝහල තුළ ශල්‍යාගාර 12 ක් ස්ථාපිතව ඇත.

    වර්ෂ 2000 දී ISO ලබාගත් පළමු රෝහල බවට පත්වීමට නවලෝක රෝහලට හැකි වූ අතර සායනික ක්ෂේත‍්‍රයේ පූර්ණ සුදුසුකම් ලාභී 500 කට අධික විශේඥයින් පිරිසක්  රෝහලේ සේවය කරනු ලබයි.