නවලෝක රෝහල, තට්ටු 14 ක මෝටර් රථ අංගනයක් සහ විශේෂඥ මධ්‍යස්ථානයක් ඉදිකිරීම අරඹයි

    July, 2, 2015

    කොළඹ නවලෝක රෝහලට යාබදව තට්ටු 14 කින් යුතු මෝටර් රථ අංගනයක් සහ විශේෂඥ මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා රෝහල මුල පුරයි.

    රුපියල් බිලියන 2.5 ක් පමණ ආයෝජනය කරන මෙම ඉදිකිරීම තුළින් අළුතින් වර්ග අඩි 450,000 ක පමණ ඉඩකඩක් එකතු වනු ඇතැයි රෝහල සඳහන් කරයි.

    මෙම ව්‍යාපෘතිය ලබන වසරේ මැයි මාසයේදී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.