October, 22, 2019
ශ්‍රී ලංකාවේ පුද්ගලික සුව සේවාවේ අද්විතීය නාමයක් සටහන් කර තිබෙන නවලෝක රෝහල ශ්වසන රෝගීන් වෙනුවෙන් විශේෂ ප්‍රතිකාර ලබා දිය හැකි පුද්ගලික රෝහලක ස්ථාපිත කළ ප්‍රථම පෙනහළු සහ නින්ද සම්බන්ධ ගැටලූ සඳහා වන ඒකකය 2019 ඔක්තෝබර් 10 වන දින විවෘත කල බව දැනුම් දෙයි.
මෙම නව ඒකකය මගින් , පපුවේ ආසාධන, කැස්ස, ඇදුම, නිධන්ගත පෙනහළු රෝග, හුස්ම හිරවීම, ශ්වාසනාලිකා ප්‍රදාහය, අසාත්මිකතා, ඝ්‍රාණදාහය (rhinitis), නින්ද සම්බන්ධ අක්‍රමිකතා , දුම්පානයට ඇබ්බැහිවීම සහ පෙනහළු පිළිකා යන රෝගාබාධ සඳහා අවශ්‍ය පුළුල් ප්‍රතිකාර කරනු ලැබේ.
එසේම පෙනහළු ක්‍රියාකාරිත්වය මැන බැලීම, නිධන්ගත කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතා සහිත රෝගීන් පරීක්ෂාව,හෘද සහ පුප්එසීය ධමනි ආශ්රිත ගැටලූ නිරාකරණය, ආසාත්මිකතා සහ සම පිලිබඳ පරීක්ෂාවන් (skin prick testing& යන සේවාවන්ද මෙම ඒකකය මගින් ලබා දෙනු ලබයි.
මෙම අවස්ථාවට වෛද්‍ය කෂේත්රයේ නියුතු සම්භාවනීය අමුත්තන් රැුසක් සහභාගී වූ අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නවලෝක රෝහල් ජාලයේ සභාපති අචාර්ය ජයන්ත ධර්මදාස මහතා සහභාගි විය.
මෙම සම්බන්ධව අදහස් දක්වන නවලෝක රෝහලේ ශ්වසන සහ පෙනහළු රෝග පිලිබඳ විශේඥ වෛද්‍ය රියාස් මව්ජුඞ් මහතා,‘‘ ලංකාවේ පුද්ගලික සෞඛ්‍ය සේවාවේ ප්‍රථම පෙනහළු සහ නින්ද සම්බන්ධ ගැටලූ සඳහා ප්‍රතිකාර කරන ඒකකය විවෘත කිරීමත් සමග පෙනහළු සහ නින්ද සම්බන්ධ විවිධ වූ ගැටලූ ඇති රෝගීන්ට අවශ්‍ය පුළුල් ප්‍රතිකාර කිරීමේ හැකියාව අපට ලැබෙනවා. එසේම අපගේ විශේෂඥ වූ ප්‍රතිකාර වලට අමතරව මිත්‍රශීලී පරිසරයක් තුළ අපගේ පළපුරුදු කාර්ය මණ්ඩලය විසින් ඔවුන්ට විශේෂ උපදෙස් සහ තමාගේ රෝගය පිලිබඳ අධ්‍යාපනික දැනුමක් ලබා දීමටත් බලාපොරොත්තු වෙනවා’’ යැයි, පැවසීය.
නව ඒකකය පිලිබඳ අදහස් දක්වන නවලෝක රෝහල් ජාලයේ සභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ‘‘ විවිධ වූ රෝගාබාධ සඳහා ප්‍රතිකාර සහ පරීක්ෂණ කරනු ලබන මධ්‍යස්ථාන රටපුරා තිබුණත් පෙනහළු සම්බන්ධ ප්‍රතිකාර කරනු ලබන ඒකක දක්නට ලැබෙනුයේ ඉතාමත් කලාතුරකින්. ජීවිතය සතුටින් සහ ප්‍රබෝධයෙන් යුතුව ගත කිරීමට නම් ඔබට නිරෝගී පෙනහළු යුගලක් මෙන්ම ක්‍රමවත් සහ සුවදායී නින්දක් අවශ්‍ය වෙනවා. එනිසා මෙවැනි ඒකකයක අවශ්‍යතාව ඉතා වැදගත් හා තීරණාත්මක බව අපට හැඟී ගියා. අද දින මෙම ඒකකය විවෘත කිරීමෙන් එම අඩුව සපුරාලීමට අපට හැකියාව ලැබෙනවා ”යැයි පැවසීය.
නවලෝක සමුහයේ සභාපති අචාර්ය ජයන්ත ධරමදාස මහතාගේ දූරදර්ශී නායකත්වයත් මගපෙන්වීමත් යටතේ ක්‍රියාත්මක නවලෝක රෝහල ආසියාවේ සාර්ථකත්වයට පත් ඉහළම රෝහල් අනුගමනය කරමින් සහ උසස්ම තාක්ෂණයෙන් යුත් වෛද්‍ය උපකරණ ස්ථාපිත කිරීමෙන් මෙන්ම විශේඥ වෛද්‍ය සේවා සැපයීමෙන් ශ්‍රී ලංකාවේ මෙන්ම දකුණු ආසියානු කලාපයේ ද සෞඛ්‍ය සේවාවේ විශිෂ්ටත්වයේ මිනුම් සලකුණ වීමට සමත්ව ඇත. ශ්‍රී ලංකාවේ පළමු වරට හඳුන්වා දී ඇති නවීන CT" MRI ස්කෑනස්, මැමෝග්‍රැෆි ඒකක,හෘද කැතීටරීකරණ රසායනාගාර, ආදියෙන් නවලෝක රෝහල සමන්විත වෙයි. එසේම පුද්ගලික රෝහලක ස්ථාපිත පළමු කිරීටක ධමනි බයිපාස් ඒකකය; අක්මා පරීක්ෂණය සඳහා හඳුන්වා දී තිබෙන නවීනතම ෆයිබ්රෝස්කෑන් ක්‍රමවේදය දකුණු ආසියාවේ පළමු 640 slice CT ස්කෑනරය යනාදි සියලූම උසස් තාක්ෂණික වෛද්‍ය උපකරණ වඩාත් නිවැරදි සහ ගුණාත්මක රෝග විනිශ්චයකට මග පෙන්වනු ලැබේ.
වර්ෂ 2000 දී ISO ලබාගත් පළමු රෝහල බවට පත්වීමට නවලෝක රෝහලට හැකි වූ අතර සායනික ක්ෂේත්රයේ පූර්ණ සුදුසුකම් ලාභී 500 කට අධික විශේඥයින් පිරිසක් රෝහලේ සේවය කරනු ලබයි.