නවීකරණය කළ HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට

    February, 19, 2020

    සිය න්‍යාය පත‍්‍රය ඉදිරියට ගෙන යමින් ඉතිරි කිරීමේ පුරුද්ද ගොඩනංවා තරුණ ශ්‍රී ලාංකිකයින්ට සහය වීමට දිවයිනේ ප‍්‍රමුඛතම වෙළෙඳ බැංකුව වන HNB PLC කොළඹ වඩාත් ප‍්‍රසිද්ධ අධ්‍යාපනික ආයතනයක් වන කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයට නවීකරණය කරන ලද නව ශිෂ්‍ය ඉතුරුම් ඒකකයක් ප‍්‍රදානය කර ඇත.

    අලූතින්ම නවීකරණය කළ ඒ්කකය පාසලේ පැවති විශේෂ උත්සවයක් අතරතුර විවෘත කරන ලද අතර කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ විදුහල්පති අධ්‍යක්ෂක ගරු. අර්නස්ට් තැසිසියස් සහෝදර තුමා, HNB ප‍්‍රධාන උපායමාර්ග නිළධාරී, රජීව් දිසානායක, HNB කොළඹ කලාපයේ ව්‍යාපාර ප‍්‍රධානී, සෞම්‍ය ආර්යසිංහ, HNB කොළඹ කලාපයේ ණය ප‍්‍රධානී, නීල් රාසයියා, HNB කොටහේන ශාඛා කළමනාකාර, තම්බයියා ශක්තිවෙල් යන මහත්වරු, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය පිරිසක් වන HNB හි කළමනාකරණ කණ්ඩායම සමඟ ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ වර්තමාන සිසුන් කාර්ය මණ්ඩලය හා ගුරුවරු මෙම උත්සවයට සහභාගී වූ පිරිස අතර වූහ.

    නවීකරණය කරන ලද ශිෂ්‍ය ඉතුරුම් ඒකකයක් ලබා දීම සඳහා අප පාසල සමඟ අත්වැල් බැඳගැනීම පිළිබඳව HNB හට ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් අපි අවංක කෘතඥතාව පුදකර සිටිමු. අප යනු ජාතියක් ලෙස ශ්‍රී ලංකාවේ සංවර්ධනයට විශාල දායකත්වයක් සැපයු මෙන්ම HNB වැනි අද්විතීය සාර්ථකත්වයක් අත් කරගෙන ඇති ආයතනවලටත් මනා අත්දැකීම් ඇති පුද්ගලයින් බිහිකළ විශිෂ්ට ඉතිහාසයක් ඇති ආයතනයකි.

    ‘‘මෙම නව ඒකකය විවෘත කීරීමත් සමඟ අපගේ ශිෂ්‍යයින්ට දැන් බැංකුකරණය හා මූල්‍ය කළමනාකරණය පිළිබඳ වටිනා අත්දැකීමක් ලැබෙනු ඇති බව අප විශ්වාස කරනවා. පසුව ඔවුන් කුමන ආකාරයේ වෘත්තියක් තෝරා ගත්තත් මෙම ඉගැනීම හා විශේෂඥතාවය ඔවුන්ගේ අනාගතයට වැදගත් වනු ඇතැයි අපට විශ්වාසයි.’’ යනුවෙන් ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ විදුහල්පති අධ්‍යක්ෂක ගරු. අර්නස්ට් තැසිසියස් සහෝදර තුමා ප‍්‍රකාශ කළේය.

    ශිෂ්‍ය ඉතුරුම් ඒකක ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත‍්‍රයට හඳුන්වා දෙන ලද්දේ 1993 දී ්‍යභඊ විසින්ය. එතැන් සිට බැංකුව ශ්‍රී ලංකාව පුරා ශිෂ්‍ය ඉතුරුම් ඒකක 158 ක් ආවරණය වන පරිදි සිය සේවාවන් ව්‍යාප්ත කර ඇත. පාසල තුළ පවත්වාගෙන කුඩා බැංකුවක නායකයකත්වය ගැනීමට ශිෂ්‍ය කළමනාකරුවන් සූදානම් කිරීම හා එයට ක‍්‍රියාකාරී ලෙස දායකවෙමින් අනෙකුත් සිසුන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද ප‍්‍රවර්ධනය කිරීම මෙම ඒකක හරහා සිදු වෙයි. මෙම ප‍්‍රමාණයෙන් බැංකුව වාර්ෂිකව සිසුන් 1000කට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව පුහුණු කරයි.

    ‘‘ආයතනයක් ලෙස පසුගිය වසර 130ක කාලය තුළ බැංකුකරණයේ කාර්යයන් ගණනාවකට පුරෝගාමී වී ඇති HNB තරුණ පරම්පරාව අතර ඉතිරි කිරීමේ පුරුද්ද ඇති කිරීමට ශ්‍රී ලංකාව තුළ ශිෂ්‍ය ඉතුරුම් ඒකක සංකල්පය ප‍්‍රවර්ධනය කිරීමට දායක වී ඇත. පසුගිය දශක 3කට වැඩි කාලයක් අප හා අත්වැල් බැඳගත් පාසල් 158කට හා එහි සිසුන්ට වැඩි වටිනාකමක් එක් කිරීමට වර්තමනයේදී බැංකුව ඩිජිටල්කරණය ගෙන ඒමට අවස්ථාවන් සොයා බලමින් සිටියි.’’

    ‘‘අපගේ නවීකරණය කරන ලද ශිෂ්‍ය ඉතුරුම් ඒකකය ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ ආරම්භ කිරීම තුළින් මූල්‍යමය වශයෙන් වගකිව යුතු වීම වැනි අත්‍යාවශ්‍ය කුසලතා පිළිබඳ මූලික ආරම්භයක් සිසුන්ට ලබා දෙනු ඇත. එමෙන්ම අනාගතයේදී වැඩි සාර්ථකත්වයක් සඳහා අඩිතාලමක් ලෙස ඉතිරි කිරීමේ පුරුද්ද ද වර්ධනය කර ගත හැකි වනු ඇත.’’යනුවෙන් දිසානායක මහතා පැවසුවේය.

    1868 වර්ෂයේදී ගොඩනගන ලද කොටහේන, ශාන්ත බෙනඩික්ට් විද්‍යාලය ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාසලක් මෙන්ම දිවයිනේ පැරණිතම කතෝලික පාසලක් ලෙස අවුරුදු 180කට වඩා වැඩි ඉතිහාසයකට හිමිකම් කියයි. මෙම පාසල ළමයින් 2600 කට පමණ අධ්‍යාපන පහසුකම් සපයන අතර ඉගැන්වීමේ කාර්යමණ්ඩලය 200කට වඩා වැඩිය. සිසුන් සඳහා 1 වසරේ සිට 13 දක්වා දේශීය විෂය නිර්දේශය යටතේ ඉංග‍්‍රීසි, සිංහල, දෙමළ යන මාධ්‍යන් තුනෙන්ම අධ්‍යාපනය සපයයි. උසස් පෙළ සිසුන් සඳහා London A/L විෂය නිර්දේශයද විවිධ ධාරාවන්ගෙන් ඇත.

     

    ඡායාරූපය - කොටහේන ශාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ විදුහල්පති අධ්‍යක්ෂක ගරු. අර්නස්ට් තැසිසියස් සහෝදරතුමා සහ HNB ප‍්‍රධාන උපායමාර්ග නිළධාරී, රජීව් දිසානායක මහතා නව ශිෂ්‍ය ඉතුරුම් ඒකකය විවෘත කරමින්. HNB කොළඹ කලාපයේ ව්‍යාපාර ප‍්‍රධානී, සෞම්‍ය ආර්යසිංහ හා HNB කොළඹ කලාපීය ණය ප‍්‍රධානී, නීල් රාසයියා යන මහත්වරු ද ඡායාරූපයේ වෙති.