නව බදු හේතුවෙන් පුද්ගලික රෝහල් වර්ජනයට වෛද්‍යවරු සැරසෙති

    June, 11, 2018

    2018 අප්‍රේල් 01 දින සිට හඳුන්වා දෙන ලද නව බදු ප්‍රතිපත්තිවලට විරෝධය පාමින් එළඹෙන ජූනි 18 දින සිට පුද්ගලික රෝහල්වල විශේෂඥ වෛද්‍ය සේවාවලින් ඉවත් වන බවට විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා තිබේ.

    විශේෂඥ වෛද්‍ය සේවා සඳහා බදු අයකිරීමේ උපරිමය මෙතෙක් පැවති 12% සීමාවේ සිට 24% ක් දක්වා දෙගුණ කිරීමට රජය විසින් තීරණය කිරීම මීට හේතු වී ඇත.

    මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය හා මුදල් අමාත්‍යවරයා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (11) සවස පැවැත්වීමට නියමිතය.

    මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසන්නේ මීට සාධාරණ පිළිතුරක් නොලැබුණහොත් එළඹෙන ජූනි 18 දින සිට සති දෙකක කාලයකට පුද්ගලික රෝහල් සේවාවලින් ඉවත් වන බවයි.

    කෙසේ වෙතත් මෙම වකවානුව තුළ දී රජයේ රෝහල්වල දී තම සේවය සුපුරුදු පරිදි ලබා දෙන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වැඩිදුරටත් කියා සිටී.