නව යුගයේ විවාහ මංගල සේවා අවශ්‍යතා සියල්ල සපුරාගැනීමට magul.lk එළි දකී

    October, 22, 2019

    විවාහ මංගල්‍යයට අවශ්‍ය සියලු දේ ලබාගැනීමට නොමිලේ ලබාදෙන app එකක්

    2019 ඔක්තෝබර් 21, කොළඹ දීය - නව යුගයේ විවාහ මංගල සේවා අවශ්‍යතා සියල්ල පහසුවෙන් ලබාගත හැකි නවතම ස්මාර්ට්ෆෝන් යෙදවුමක් (app ) ලෙස magul.lk එළිදකියි. කාර්ය බහුල ජීවන රටාවක් හිමි වත්මන් සමාජයේ විවාහ අපේක්ෂක අපේක්ෂිකාවන්ට ඉතා පහසුවෙන් විවාහ මංගල සේවා අවශ්‍යතා සියල්ල සොයාගැනීමට හැකි අයුරින් මෙම app නිර්මාණය කර තිබේ. මෙමඟින් විවාහ මංගල උත්සවය සදහා අවශ්‍ය වන සේවා සැපයුම් කරුවන් ගේ සේවාව පිළිබඳ තොරතුරු සොයා බැලිය හැකි අතර ඒ අතරින් තමන්ට අවශ්‍ය සේවාව තෝරා ගැනීමට අවස්ථාව සැලසෙයි.

    යුවළක් තනිව මංගල උත්සවය සංවිධානය කර ගන්නේ නම් ඒ සඳහා අධික වෙහෙසක් දැරීමට සිදුවන අතර අදාල සේවා සොයාගැනීම, සහ තෝරා ගැනීම වෙන්කර ගැනීම ආදී කටයුතු සඳහා කාලය කැපකළ යුතු වෙයි. විවාහ මංගල දිනය "ජීවිතයේ සතුටුම දිනය" බවට පත් කර ගැනීමට නම් ඒ ආශ්‍රිත සියලු සේවා නිසි ආකාරයෙන් සපයාගත යුතුය. වර්තමාන කාර්ය බහුල සමාජයේ ඒ සඳහා වැය කළ හැකි කාලය ඉතා සීමිත බැවින් නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් එම සියලු කටයුතු පහසු කර දීමට magul.lk සූදානමින් සිටියි. මෙම ඇප් එක භාවිත කිරීමෙන් මනාලයාට සහ මනාලියට තම අවශ්‍යතාවට සහ වියදම් කළ හැකි ප්‍රමාණයට ගැලපෙන ආකාරයට ඡායාරූප ශිල්පීන්,උත්සව ශාලා, රූපලාවන්‍යාගාර, ඇඳුම් පැළඳුම්, කේක්, ආදී සේවා සියල්ල සම්පාදනය කර ගැනීමේ හැකියාව පවතියි.

    magul.lk පිළිබඳව අදහස් දැක්වූ Modern Magul.lk (Pvt) Ltd හි ප්‍රධාන විධායක නිලධාරි රසිදු ලක්මාල් සඳහන් කළේ නව පරපුරේ විවාහ මංගල අවශ්‍යතා සපුරා දීම සඳහා මෙම වන යෙදවුම හඳුන්වා දෙන බවයි. වත්මන් තරුණ පරපුරු ස්මාර්ට්ෆෝනය හා බැඳුනු ජීවිතයක් ගතකරන බවත් ඒ ඔස්සේ ඉතා පහසුවෙන් සිය විවාහ මංගල්‍ය සඳහා අවශ්‍ය සේවා සපයා ගැනීමට මෙම නවතම app එක මඟින් අවස්ථාව හිමිවන බව පෙන්වාදුන් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ විවාහපේක්ෂිත තරුණ තරුණියන්ට මෙම app එක නොමි‍ලේ ඩවුන්ලෝඩ් කරගත හැකි බවයි. තම අයතනය හා ලියාපදිංචි වූ විවාහ මංගල සේවා සැපයුම් කරුවන් අතරින් තමන්ට ගැලපෙන, වියදම් කිරීමට අපේක්ෂිත මුදලට ගැලපෙන සේවාවක් ලබාගැනීමෙ සරලම හා පහසුම අවස්ථාව ලෙස magul.lk හැඳින්විය හැකි බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    විවාහ මංගල්‍යය උත්සවය නිසි අකාරයෙන් කළමණාකරණය කර ගැනීම සඳහා magul.lk උපකාරී වෙයි. මෙම app එක ඩවුන්ලොඩ් කරගන්නා යුවළකට වෙනමම පිවිසුමක් ලැබෙන අතර එම පිවිසුම ඔස්‍සේ magul.lk වෙත පිවිස දෙදෙනාගේම කැමැත්ත පරිදි විවාහ මංගල්‍යය සඳහා වන සේවාවන් තෝරා ගැනීමට අවස්ථාව සැලසෙයි. සේවාවන් තෝරාගැනීමේදී සැලකිළිමත්විය යුතු කරුණු, සැරසිලි පිළිබඳ උපදෙස් සහ විවාහ මංගල්‍යයට ගැලපෙන ගීත ආදිය පවා මෙම app එක ඔස්සේ ලබාගත හැකිවීම මෙහි ඇති විශේෂත්වයයි. විවාහ මංගල සේවා අවශ්‍යතා අන්තර්ජාලය තුළින් සෙවුම් යන්ත්‍ර භාවිතයෙන් සොයාගැනීම සඳහා මෙතෙක් හුරුව සිටි ක්‍රමවේදය වෙනුවට තමන්ට අවශ්‍ය ආකාරය දක්වා ඊට ගැලපෙන සේවා සැපයුම්කරුවන් ලබාදීමට මෙම magul.lk app එක අතිශය ප්‍රයෝජනවත් වෙයි.

    ඡායාරූප - (වමේ සිට දකුණට )වෛද්‍ය චරිත් ගාල්ලගේ - උපදේශක Docweds, අමිල අබේවර්ධන - අධ්‍යක්ෂ Modern Magul.lk (Pvt) Ltd, රසිදු ලක්මාල් ,සභාපති - Modern Magul.lk (Pvt) Ltd, තාරක ඩයස් - අධ්‍යක්ෂ Modern Magul.lk (Pvt) Ltd