නව රජය අළුත් හෝටල්වල කැසිනෝ තහනම් කරයි

    January, 29, 2015

    ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ අනුමත කර තිබෙන ව්‍යාපෘතිවල කැසිනෝ ව්‍යාපාරික කටයුතු කිරීම කැබිනට් මණ්ඩලය විසින් තහනම් කර තිබේ.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේ කැසිනෝ ව්‍යාපාරික කටයුතු හැර ක්‍රමෝපායික සංවර්ධන පනත යටතේ අනුමත කර තිබෙන ව්‍යාපෘතිවල අනිකුත් සියළුම ව්‍යාපාරික කටයුතු බදු සහන යටතේ සිදුකළ හැකි බවයි.

    රවී විජේරත්න සහ ජේම්ස් පැකර් ඒකාබද්ධව සිදුකිරීමට නියමිත ලේක් ලෙෂර් ව්‍යාපෘතිය, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි වෝටර් ෆ්‍රන්ට් ව්‍යාපෘතිය හා ධම්මික පෙරේරාගේ ක්වීන්ස්බරි ව්‍යාපෘතිය යටතේ කැසිනෝ ව්‍යාපාරික කටයුතු සිදුකළ නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.