නව සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත එළිදකී

    November, 27, 2017

    ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ නියමය පරිදි, සුරැකුම්පත් විනිමය පනත් කෙටුම්පත ගැසට් කර තිබේ. 2017 නොවැම්බර් 22 වන දින මෙය නිකුත් කර ඇත.

    වෙළෙඳපොළ ආයතන, සුරැකුම්පත් පිළිබඳ මහජන අර්පණයන්, වෙළෙඳපොළ අතරමැදියන් නියාමනය කිරීම සඳහා ද, වෙළෙඳපොළ විෂමාචාර සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා ද, කොටස් වෙළෙඳපොළවල් විසින් මුහුණ පාන අභියෝග සම්බන්ධව ඵලදායී සහ කාර්යක්ෂම ආකාරයෙන් ක්‍රියා කිරීම සඳහා ද, ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවීම සඳහා සහ 1987 අංක 36 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පනත ඉවත් කිරීම සඳහා ද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද, විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පතක් ලෙස මෙය හඳුන්වා දී තිබේ.

    මෙම සම්පූර්ණ පනත් කෙටුම්පත පහතින් කියවිය හැකිය.

    http://documents.gov.lk/files/bill/2017/11/301-2017_S.pdf