නාගරික සංවර්ධන අධිකාරියෙන් “Mother Lanka” අද සිට

    March, 16, 2026

    ප්රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්යංශය යටතේ ඇති නාගරික සංවර්ධන අධිකාරියේ සේවාවන්, සංවර්ධන ව්යාපෘති වඩාත් කාර්යක්ෂමව හා ඵලදායීව මහජන සහභාගීත්වයෙන් යුතුව පවත්වා ගැනීම සඳහා හඳුන්වා දී ඇති Mother Lanka Digital වේදිකාව නිල වශයෙන් හඳුන්වා දීම විෂය භාර අමාත්ය බිමල් රත්නායක අමාත්යවරයාගේ ප්රධානත්වයෙන් අද දින(16) බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි අමාත්යංශයේ ශ්රවණාගාරයේදී සිදු කෙරිණ.
    මෙම අන්තර් ක්රියාත්මක වේදිකාව මගින් පාර්ශවකරුවන් විශේෂඥයන් සහ සාමාන්ය ජනතාව එකට එක්ව අනාගතය සඳහා වඩා හොඳ නගර සැලසුම් ඇතුලත් ශක්තිමත් තිරසාර සමාජයක් ගොඩ නැගීමට එක්ව කටයුතු කිරීමට අවස්ථාව සලසයි.
    රට තුල ඩිජිටල් ආර්ථික ක්රියාවලිය සක්රීය කරමින් කාර්යක්ෂම, විනිවිදබාවයෙන් යුත් විශ්වාසදායී සේවාවක් ජනතාව ලබා දීමට තිරසර ව්යපෘති, සංවර්ධන සැලසුම් හා නියාමනයන් පිලිබඳ මහජනතාවට, වෘත්තිකයන්ට විවෘත සිය අදහස්, භාෂා ත්රිත්වයෙන්ම මෙම වේදිකාව මගින් හුවමාරු කර ගැනීමට අවශ්ය පහසුකම් සලසා ඇත.මේ පිලිබඳ ලැබෙන මහජන අදහස්, යෝජනා සහ ගැටළු පිලිබඳ කඩිනමින් ක්රියත්මක වී නැවත නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරී කණ්ඩායම් විසින් ඊට අදාල කඩිනම් ක්රියාමාර්ග හා විසඳුම් ලබාදීමට කටයුතු කරනු ඇත. මෙයට සම්බන්ධ වන සියලු ආකාරයේ පරිශීලකයන්ගේ රහස්යභාවය සහ පුද්ගල අනනයතාවයන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත.
    මෙම ව්යාපෘතිය සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු තාක්ෂණ අංශයෙන් තාක්ෂණික සහයද උපාය මාර්ග සැලසුම් අංශයෙන් මෙහෙයුම් කටයුතුද සිදු කෙරේ.