මාස 06කට පසු කොටස් වෙළෙඳපොළ 21,000න් පහළට

    March, 16, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් අද (16) දිනයේ දීද වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,000 මට්ටමින් පහළට පැමිණි අතර දිනයේ ගනුදෙනු අවසානයේ දී එය අගය ඒකක 20,939.26ක් ලෙසින් සටහන් විය. මෙලෙස සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 21,000 මට්ටමින් පහළට පැමිණියේ 2025 සැප්තැම්බර් 18 දිනෙන් පසුව පළමු වරට වීම විශේෂත්වයකි.

    මේ අතර S&P SL20 දර්ශකය ඒකක 6,000 සීමාවෙන් මෙපිටට පැමිණීම ද අද දිනයේ දී සිදු වූ අතර දිනය අවසානයේ දී එය ඒකක 199.72කින් පහළ ගොස් ඒකක 5,884.93ක් ලෙසින් සටහන් වුණි.

    අද දින රු. බිලියන 6.59ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබේ.