නැගෙනහිර කඳුබෑවුම් මත බැබළෙන මිණි කැටයක් වූ මහියංගනය

    September, 21, 2020

    මහියංගනය යනු (පාලි සංස්කෘත භාෂාවට අනුව තැනිතලා භූමිය යන අර්ථය සහිත) ස්වභාවික සෞන්දර්යය, ප්‍රෞඩ ඉතිහාසයක් සහ සංස්කෘතික වටිනාකමින් සපැළදි පුරාණයේ සිට පැවැත එන්නාවූ, තවමත් සංචාරකයන් නිසිලෙස හඳුනා නොගත් මනරම් නගරයකි. විශාල තෙත්තැනිතලා සරු බිම්, වගාබිම්, දැකුම්කළු ගංගා, ආදී සිහලුන්ගේ දෑතින් නිමවූ අලංකාර වැව් යනාදීයෙන්ද සමන්විත වූ යෝධ කඳු වැටි, උස්බිම් සහිත පසුබිමකින් අලංකෘතවූ නගරයකි.  කලාපීය කෘෂිකාර්මික ආර්ථිකයට සවියක් වන, හරිත ජීවයෙන් පිරිපුන්, මනුෂ්‍ය සහ සත්ව ජීවිත සඳහාද මිල කල නොහැකි ජීවයක් එකතු කරනා ශ්‍රී ලංකාවේ දීර්ඝතම ගංගාව වන මහවැලි ගංගාව ගලන්නේ මෙම මහියංගනය නගරය හරහාය.

    ශ්‍රේෂ්ඨ ප්‍රෞඩ ඉතිහාසය

    ඓතිහාසික ග්‍රන්ථයක් වන මහා වංශය සඳහන් කරන්නේ, යක්ෂ, නාග, දේව ගෝත්‍රිකයන් අතර ඇතිවූ අර්බුදයක් සමථයකට පත් කිරීම සඳහා දුරුතු (ජනවාරි) පොහොදිනක අති උතුම් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩි ප්‍රථම අවස්ථාවේ මහියංගනය රජමහා විහාරයට වැඩම කර ඇති බවයි.  අද වන විට මෙම විහාරය ශ්‍රී ලංකාව තුළ පවතින පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් අති පූජනීය සොලොස්මස්ථාන අතුරින් එකක් ලෙස සැලකේ.

    සංස්කෘතික වටිනාකමෙන් පිරුණු

    ලොව පුරාණතම ගෝත්‍රයක් ලෙස හඳුන්වන “වැදි” ගෝත්‍රිකයන් ජීවත් වන්නේ මහියංගනය නගරයෙන් කිලෝමීටර් 19 ඔබ්බෙන් ඇති මාදුරු ඔය සංරක්ෂිතය අසල පිහිටි දඹාන ප්‍රදේශයේය. මෙම වනාන්තර ප්‍රදේශය තුළ ජිවත් වන්නාවූ 1000ක් පමණ ජනගහනයකින් යුත් වැදි ගෝත්‍රිකයන්  සොබාව සෞන්දර්ය්‍යයේ පහස විඳිමින් හුදෙකලාව, සුරක්ෂිතව වාසය කරති. මහියංගනය නගරය වෙත පිවිසෙන ඔබට ඔවුන්ගේ ආවේණික වූ සංස්කෘති සහ සම්ප්‍රදායන් දැකගනීමට හැකියාවක් ලැබෙනවා මෙන්ම, දඩයම් ශිල්ප ක්‍රම, කෘෂිකාර්මික කටයුතු, ඉවුංපිහුම් කටයුතු, මී පැණි එක්රැස් කරගන්නා ආකාරය ඇතුළුව ඔවුන් හා සමග එක්ව ඔවුන්ගේ ගෝත්‍රික ගායනා සහ නර්තනයන් සමග සම්බන්ධවී මීට පෙර ඔබ නොලත් දුර්ලභ අත්දැකීම් සම්භාරයක්  අත් විඳීමට ද හැකි වනු නො අනුමානයි.

    නොකෙලෙසෙනු  ස්වාභාවික සෞන්දර්යය සහ වනජීවි පරිසරයක්.

    විනාඩි 30 ක පමණ ධාවන කාලයකින් හා කිලෝමීටර් 3ක සුන්දර පා ගමනකින් පසුව සදා නොමැකෙන මතකයක් එකතු කරන්නා වූ තේජාන්විත, මනරම් රත්න ඇල්ල නැරඹීමට ඔබට හැකියාව ඇත. පැය එකහමාරක් පමණ ගතවන්නාවූ මෙම පා ගමන අතරවාරයේ සරුසාර කෙත් වතු, මනරම් කැලෑ, ඇල දොල දැකගැනීමට හැකි වන අතර ගමනාන්තයේ  ශෝබමාන රත්න දිය ඇල්ලේ රිදී දියදහරා මුසුවූ සිසිල් සුළඟ මෙහි පැමිණෙන ලොකු කුඩා සියලු දෙනාගේ වෙහෙස නිවා සිත් කුල්මත් කරයි.

    ඇරත්, මහියංගනය නගරයේ සිට පැයක පමණ ගමනකින් පසුව ඔබට වස්ගමුව සහ මාදුරුඔය සංරක්ෂිත වෙත පිවිසිය හැක. මෙම වනජීවී අභය භූමි තුළ නිදහසේ සැරිසරනා සියයකට අධික ආවේණික පක්ෂි වර්ග මෙන්ම අලි රංචු, දම් පැහැති ලංගු වඳුරන්, වල් ඌරන්, සම්බා, තිත්මුවන් සුලබ ව දැක ගැනීමට හැකි අතර, මෙම ස්වභාව සෞන්දර්යය තුළ ශ්‍රී ලාංකික දිවියන් සහ ස්ලොත් වලසුන්ද ඇතැම්  අවස්ථාවල දැක ගත හැක. ගල්ඔය වනජීවී සංරක්ෂිතය තුළ දිවෙනා ශ්‍රී ලංකාවේ විශාලතම ගංගාව තරණය කිරීමට ඔබට ඔරු චාරිකාවක් තෝරාගත හැක. කුඩා දුපත් හරහා අලි රංචු කිමිදෙන ආකාරය මෙන්ම දෙසැම්බර් මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා සංක්‍රමණය වන අද්විතීය සංක්‍රමණික පක්ෂින් ඇතුළත් පක්ෂි ජෛව විවිධත්වයක මනරම් ක්‍රියාකාරිත්වය ඔබට දැකගත හැක.

    මනරම් චාරිකාවක මතක් සටහන්

    කොළඹ නගරයේ සිට කිලෝමීටර් 245ක් පමණ දුරකින් පිහිටා ඇති මහියංගනය වෙත ළඟාවීමට ආසන්න වශයෙන් පැය 5ක් පමණ කාලයක් ගතවන මෙම ගමන් මග ඉතාමත් අලංකාර අත්දැකීම් සම්භාරයකින් සමන්විතවේ. මහියංගන - නුවර පාරට පිවිසීමට ඓතිහාසික නුවර නගරය හරහා ඔබට අවස්ථාව සැලසේ. රිය පැදවීමේ දී ඔබේ දෙඅත් සෑම විටම සුක්කානම මත රඳවා තැබීමට අනිවාර්යයෙන් පොලඹවන්නා වූ සුප්‍රසිද්ධ “18 වංගුව” ද පිහිටා ඇත්තේ මෙම ගමන් මාවත තුළය. මෙම මාර්ගය ඡායාරූප ශිල්පීන් සඳහා සිත් ඇදගන්නාසුළු දසුන් සපයන බැවින් ආරක්‍ෂිත ස්ථානයක මදක් නැවතී එහි දර්ශන ඡායාරූපගත කිරීමට අමතක නොකරන්න.

    වින්දනාත්මක මාර්ගස්ථ චාරිකාවක කේන්ද්‍රය

    මහියංගනය පිළිබඳ තවත් සිත් ගන්නා කරුණක් නම්, එහි පැමිණෙන සංචාරකයෙකුට පැය 2-3 ක ගමන් දුරක් ඇතුළත තවත් බොහෝ ආකර්ෂණීය  සංචාරක ගමනාන්ත වෙත පිවිසීමට පහසුකම් සලසන කේන්ද්‍රීය නැවතුම් පොළක් වීමයි. උදාහරණයක් ලෙස මහියංගනය සිට සුප්‍රසිද්ධ ඇල්ල නගරයට ගමන් කිරීමට ගත වන්නේ පැය 1.5 කාලයකි. මහනුවරට පැය 2 කි. නුවරඑළිය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, යාල සහ අරුගම්බේ වෙත ගමන් කිරීමට යන්නේ පැය 2-2.5 ක් වැනි කෙටි කාලයකි.

    මාපකඩ විලේජ් සමඟ මහියංගනයේ රසවත්ම අත්දැකීම් ලබා ගන්න

    මහියංගනය නගරයට විනාඩි 15 ක් ඈතින් පිහිටා ඇති මාපකඩ විලේජ්, ස්වාභාවික සුන්දරත්වය සහ වන ජීවීන්ගෙන් බහුල වූ සන්සුන් මාපකඩ විලට ආසන්නව විහිදෙන තරු හතරේ නවීන නිවාඩු නිකේතනයකි.

    මෙහි ඇති විශාල උද්‍යානය තුළ විවිධ ශාක හා සත්ත්ව විශේෂ රාශියක් දැක ගත හැකි අතර ඉන්ෆිනිටි පිහිනුම් තටාකයක්ද මෙහි ඇත. නවීන පහසුකම් සපිරි මාපකඩ විලේජ්  හෝටල් කාමර නිර්මාණය කර ඇත්තේ උද්‍යානය සහ ඉන්ෆිනිටි පිහිනුම් තටාකය මෙන්ම මාපකඩ විල සහ අසල වනජීවීන් නැරඹීමට හැකි වන ලෙසයි. කාර්ය බහුල නාගරික ජීවිතයෙන් බැහැරව, හුදකාලාවී සොබාදහමේ පහස ලබමින්, අද්විතීය අත්දැකීම් රාශියක් සපිරි අමතක නොවන නිවාඩුවක් ගත කිරීමට අපේක්ෂා කරන තනි පුද්ගලයින්, යුවල්, පවුල් සහ මිතුරන් සඳහා මෙය කදිම නවා තැනකි.

    "මහියංගනය සැබවින්ම සංචාරකයින් අතරේ තවමත් එතරම් ප්‍රචලිත නොවන දර්ශනීය නගරයකි. ලොකු කුඩා සැමට කුතුහලයත්, තෘප්තියත් ලබා දීමට මෙහි අත්දැකීම් රැසක් අඩංගුයි. ඔබ සොයන්නේ ත්‍රාසජනක අත්දැකීමක් ද? එසේත් නැත්නම් සොබාදහම හා වන ජීවීන් දැක ගැනීමට ද? එසේත් නැත්නම් ඉතිහාසය හා සංස්කෘතිය දැක ගැනීමට ද? හෝ හුදෙක් විවේකී නිවාඩුවක්  ගත කිරීමටද? මහියංගනය තුළ  මේ සියලු අත්දැකීම් ඔබට විඳිය හැක. මාපකඩ විලේජ් වෙත පැමිණෙන ඔබට ගැළපෙන අත්දැකීමක් සලසා දීමට අප සැම විට උත්සුක වේ. අපගේ ‘වැව අද්දර’ මාළු අවන්හල යනු කෙසෙල් කොළයක් මත සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ආහාර වර්ග  රසවත් ලෙස සපයන විශේෂිත අවන්හලකි. අවන්හලක පමණක් නොව ඔබට අප පරිශ්‍රයේ  වැව ආසන්නව හෝ ගසක් මත ඔබේ දිවා ආහාරය සලසා ගත හැක. එසේත් නැත්නම්  විල අසල තේ පැන් සංග්‍රහයක් භුක්ති විඳීමට හැක. හිරු බැස යන කල කොක්ටේල් හෝ බැබළෙන තරු යට බාබකියු, උදේ ආහාරය ඇඳේ  සිටම හෝ ඔරුවක - ඕනෑම තැනක, ඕනෑම පසුබිමක ඔබට කැමති ලෙස භුක්ති විඳින්න අප සහය වන්නෙමු. අපගේ නිවාඩු නිකේතනය සැලසුම් කර ඇත්තේ අමුත්තන්ට සියලු පහසුකම සලසා දීමට මෙන්ම ඔවුන් සොයන පෞද්ගලිකත්වය සහ හුදකලාව ලබා දීම සඳහා ය. එබැවින් විශ්මයජනක රත්න ඇල්ල නැරඹීමට, ගමේ සංචාර සහ ක්‍රීඩා සෆාරි වල නිරත වීමට වැනි ඔබ සොයනා විනෝද චාරිකා කටයුතු සියල්ල සූදානම් කර දීමටත් සැලසුම් කර දීමට අප වග බලා ගන්නෙමු. ඔබව මාපකඩ විලේජ් වෙතට සාදරයෙන් පිළිගැනීමට අපගේ කාර්ය මණ්ඩලය සූදානම් ”යැයි මාපකඩ විලේජ් කළමනාකාර අධ්‍යක්ෂ කුමුදුල ද සිල්වා මහතා පැවසීය.

    ඔබේ ඊළඟ නිවාඩුව සඳහා මාපකඩ විලේජ් වෙන් කරවා ගන්නේ කෙසේ ද යන්න පිළිබඳ වැඩිදුර දැන ගැනීම සඳහා, අපගේ වෙන් කිරීම් කණ්ඩායම +94 777 926 790 ඔස්සේ අමතන්න හෝ reservations@mapakadavillage.lk විද්‍යුත් තැපෑලෙන් අමතන්න. එමෙන්ම ‘MVPR20’  කේතය සඳහන් කර විශේෂ වට්ටමක් ලබා ගන්න අමතක නොකරන්න.