නැවතත් ද්විත්ව පුරවැසි භාවය

    January, 1, 2015

    මෙරට ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම 2011 වසරේ සිට තාවකාලිකව අත්හිටුවා තිබු අතර, පසුගිය දෙසැම්බර් මස 29 වැනි දින අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව නව ක්‍රමවේදයක් අනුව නැවත ද්විත්ව පුරවැසි භාවය ලබා දීමට කටයුතු කිරීමට තීරණය කර ඇතැයි රජය කියයි.

    මේ අනුව, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යංශය විසින් අමාත්‍ය මණ්ඩලයෙන් කරන ලද යෝජනාවකට සහ ඉල්ලීමකට අනුව නැවත මෙම ක්‍රමය දෙසැම්බර් 31 දින ක්‍රියාත්මක වන අතර ඒ අනුව මෙතෙක් පැවති සරල ක්‍රමවේදය අවලංගුවේ.

    අනෙකුත් රටවල ක්‍රියාත්මක ආකාරයට වසර පහක ස්ථිරවාස වීසා ප්‍රදානය කොට ඉන් අනතුරුව අයදුම්පත් කැඳවා සුදුසුකම් සළකා බැලීමෙන් අනතුරුව පුරවැසිභාවය ලබාදීමයි. නමුත් විදේශගත ශ්‍රී ලාංකික පිරිස් ජනාධිපති තුමන්ගෙන් කරනලද බලවත් ඉල්ලීම මත ද්විත්ව පුරවැසිභාවය ඍජුවම ලබාදීමටද නැවත කටයුතු කෙරේ. මෙහිදී අයදුම්කරුගේ යෝග්‍යතාවය අමාත්‍ය මණ්ඩලය මගින් පත්කරන ලද කමිටුවක නිර්දේශයෙන් අනතුරුව පමණක් ඍජුවම ද්විත්ව පුරවැසි භාවය ලබාදීමට පමණක් ක්‍රියාත්මකවේ.

    පැවතී ආගමන විගමන නීති රීති අනුව අවස්ථා දෙකකදී නෙනෙකුට ද්විත්ව පුරවැසි භාවය ඉල්ලීමේ හැකියාව තිබුණි. ඒ ශ්‍රී ලංකාවේ උපන් කෙනෙක් විදේශයක පුරවැසි භාවය ලබාගැනීමේදී මෙරට පුරවැසි භාවය අවලංගු වීමෙන් අනතුරුව සහ ශ්‍රී ලංකාවේ උපත ලැබූ කෙනෙක් ට පිටරටක පුරවැසි භාවය ලබාගැනිමේ අරමුණ ඇතිව ලංකාවේ පුරවැසි භාවය තබාගැනීම යන කාරණා දෙක යටතේයි.

    මෙහිදී සියළුම අයදුම්පත් ඒ ඒ රටවල විදේශ දූත මණ්ඩල වල අනුමැතිය ඇතිව මෙරට ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත එවිය යුතු අතර නව ක්‍රමවේදය යටතේ ඉල්ලීම් කරන සියලුම දෙන සම්මුඛ පරීක්‍ෂණයකට ඉදිරිපත්වීමද අනිවාර්යවේ. රටවල් 12ක් ද්විත්ව පුරවසිභාව පිළිබඳව කටයුතු කරන අතර ඒ මේ වනවිට ඒ අතරින් එම නිතිය ක්‍රියාත්මක වන්නේ රටවල් 10 ක පමණි. ආසියාතික රටවල් සහ මැදපෙරදිග රටවල් මේ වනතුරු ඔවුනගේ දිවිත්ව පුරවැසි නීති රීති විවෘත කොට නොමැත.

    පවත්නා නීති රිතී යටතේ මේ වනවිට එක්සත් රාජධානිය, ඇමරිකාඑක්සත් ජනපදය, ස්විස්ටර්ලන්තය, නවසීලන්තය, ජර්මනිය, කැනඩාව, ඉතාලිය, ඔස්ට්‍රේලියාව, ප්‍රංශය, නොර්වේ සහ ස්වීඩනය යන රටවල මේ වන විට ද්විත්ව පුරවැසි භාවය සලකා බලන අතර ඒ අතරින් ඇතැම් රටවල් ද්විත්ව පුරවැසි භාවය ලබාදීමේ ක්‍රම වේදය ක්‍රමිකව සිය ආගනම විගමන නීති රිත් වලින් ඉවත් කරමින් සිටී.