නෞකාවල සිට ලක්විජය විදුලි බලාගාරයේ ජැටිය දක්වා බත්තල් මඟින් ගල් අඟුරු ගොඩබෑම සඳහා ලංකා නැව් සංස්ථාව සහ ඉන්දියානු යුනයිටඩ් ෂිපර්ස් ලිමිටඩ් අතර පැවැති කොන්ත්‍රාත් ගිවිසුම 2020 අප්‍රේල් මාසයේ දී අවසන් වී ඇත.
එකී කොන්ත්‍රාත් ගිවිසුම 2020/2021 වසර සඳහා ද තවත් වසරක කාලයකට දීර්ඝ කිරීම පිණිස වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.