November, 29, 2017
නාවික කටයුතු සහ භාණ්ඩ මෙහෙයුම් ආයතනවල විදේශ හිමිකාරීත්වය කෙරෙහි ඇති සීමාවන් ලිහිල් කිරීම සඳහා 2018 අයවැය මගින් සිදුකර ඇති යෝජනාවට ජනාධිපතිතුමන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරුද්ධ බව වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි. අයවැය කාරක සභා විවාදයේ දස වැනි දිනය වෙනුවෙන් ඊයේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“1992 ගැසට් පත්‍රයක් නිකුත් කළා, නැව් ඒජනත්වරුන්ට 60% ක කොටස් තියා ගන්න පුළුවන්, පිටරට නැව් සමාගම්වලට 40% යි පවත්වා ගන්න පුළුවන් කියලා. දැන් යෝජනාවක් ගේනවා 100% ක් මේක විවෘත කරනවා කියලා. මේ යෝජනාව ඇවිල්ලා කියවනකං අපි දන්නෙත් නැහැ. රේඛීය අමාත්‍යාංශය විදියට අපිත් එක්ක කතා කළෙත් නැහැ.“
“මුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයම ජනාධිපතිතුමා හමුවෙලා කිව්වා මේක ගේන්න ඉඩ දෙන්න බැහැ. ජනාධිපතිතුමත් ඉන්නේ ඒ ස්ථාවරේ.
මේ සම්බන්ධයෙන් 2018 අයවැය කතාවේ දී කළ යෝජනාව පහත දැක්වේ.

Video Story