නැව් 3 කින් 7,000 ක් කොළඹට ඇවිත්

    January, 21, 2019

    පසුගිය 2018 වසරේ නොවැම්බර් මස ශ්‍රී ලංකාව වෙත සංචාරක පැමිණීම් වර්ධනය මේ වන තෙක් ඉලක්කම් දෙකකින් වාර්තා වීමත් සමග ඔක්තෝබර් මස සිදු වූ ක්ෂණික අවපාතයකින් පසු ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

    මෙහිදී පවතින සංචාරක ප‍්‍රවාහයට එක් වෙමින් ආසන්න වශයෙන් 7,000ක ඒකාබද්ධ මගී සංචිතයක් සමග අති සුඛෝපබෝගී මගී නෞකා තුනක් ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබේ.

    ටීයූඅයි කෘසස් (TUI Cruises) සමාගමට අයත්  MV Mein Schiff 3 අති සුඛෝපබෝගී මගී නෞකාව මගීන් 2430ක් හා 995ක කාර්ය මණ්ඩලයත් සමගින් නොවැමිබර් 26 වැනිදා කොළඹ වරාය වෙත සිය කුළුඳුල් සංචාරය සනිටුහන් කළාය.

    අයිඩා කෘසස් සමාගම (AIDA Cruises) විසින් මෙහෙයවනු ලබන නෞකාවක් වන අයිඩාබෙලා (AIDAbella) මගීන් 2,200කට ආසන්න ප‍්‍රමාණයක් රැගෙන ආ අතර ප‍්‍රින්සස් නැව් සමාගමේ (Princess Cruise Line) සැෆායර් ප‍්‍රින්සස් (Sapphire Princess) නෞකාව ද සංචාරකයන් 3,000ක් රැගෙන මෙරටට ළඟා විය.