September, 9, 2022
සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මටේරි මහතා ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
ධූර කාලය අවසන් කර ශ්‍රී ලංකාවෙන් නික්ම ගියත්, දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමට තවදුරටත් කටයුතු කරන බව පැවසූ මටේරි මහතා දෙරට අතර සංචාරක කර්මාන්තය වර්ධනය කර ගැනීමට සුවිශේෂී අවධානයක් යොමු කරන බව ද සඳහන් කළේය.
යූරි මටේරි මහතා සිය ධූර කාලය තුළ ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳව මටේරි මහතා වෙත සිය කෘතඥතාව පළ කළ අතර ඔහුගේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට ද සුභාශීංසන පිළිගැන්විය.
ආර්ථික අර්බුදය ජය ගෙන ශක්තිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හැකියාව ඇති බව සඳහන් කළ මටේරි මහතා ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා වෙත සිය සුභාශීංසන එක් කළේය.
Video Story