නිදහස් කුසලානයෙන් රු. මිලියන 943 ක ශුද්ධ ලාභයක්

    April, 23, 2018

    පසුගිය දා ශ්‍රී ලංකාවේ පවත්වන ලද නිදහස් කුසලාන තුන්කොන් තරඟාවලියෙන් රුපියල් බිලියන 940 ක ශුද්ධ ලාභයක් ලබා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා මේ බව අනාවරණය කළේය.

    “ශ්‍රී ලංකා ඉතිහාසයේ පැවති සාර්ථකම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මෙයයි. මීට පෙර මේ වගේ සාර්ථක තරඟාවලියක් පවත්වලා නැහැ. මෙය අපේ තරඟ කාලසටහනේ තිබුණු තරඟාවලියකුත් නොවෙයි. අපි බජට් කළේ රුපියල් මිලියන 200 කට ආසන්න ලාභයක්. තරඟාවලියෙන් අපි රුපියල් බිලියන 1.3 ක ආදායමක් ලැබුවා. එයින් රුපියල් මිලියන 943 ක ශුද්ධ ලාභයක් ලබා ගන්න අපිට හැකිවුණා. අපි ඇස්තමේන්තු කළාට වඩා මිලියන 748 කින් ලාභය වැඩි කරනගන්න අපිට පුළුවන් වුණා. අපේ මෙය අපේක්ෂා කළ දේකුත් නෙමෙයි.“

    “තරඟාවලියේ දී උපක්‍රමශීලීව අපි ක්‍රියාත්මක කරපු දේ සාර්ථක වුණා. දේශීය වශයෙන් අනුග්‍රාහකයින් සොයාගන්න පුළුවන් ප්‍රමාණයට වඩා ජාත්‍යන්තර අනුග්‍රාහකයින් සොයාගත්තොත් පමණයි අපිට ආදායම වැඩිකරගන්න පුළුවන් වෙන්නෙ. අපි මහන්සි වුණා, හොඳම උසස් තලයේ තරඟාවලියක් පවත්වන්න,“ යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

    Photo - Yahoo Cricket & Sri Lanka Cricket