නිදහස් වෙළෙඳ ගිවිසුම් – කාටද කුමටද?

    August, 25, 2016

    ලංකා වාණිජ මණ්ඩලය විසින් නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳ සම්මන්ත්‍රණයක් සංවිධානය කර තිබේ. “නිදහස් වෙළෙඳ ගිවිසුම් - විමසිය යුත්තේ කුමක්ද හා ප්‍රතිලාභ ලබන්නේ කෙසේද“ (Free Trade Agreements: What to Look out for and How to Benefit from Them) යන්න තේමා කර ගනිමින් ව්‍යාපාරික ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර ඇත.

    එළඹෙන සැප්තැම්බර් 19 වන දින කොළඹ ලංකා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පස්වරු 2.30 ට මෙය පැවැත්වේ.

    ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ හා ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වන ආයතනයේ සභාපති ආචාර්ය සමන් කැලේගම, ඒකාබද්ධ ඇඟළුම් සංවිධාන සංසදයේ විශේෂ උපදේශක කේ. ජේ. වීරසිංහ, වෙළෙඳ හා ආයෝජන සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු අධ්‍යක්ෂ සහ ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය රවී රත්නායක යන මහත්වරුන් මෙම සම්මන්ත්‍රණයේ දී සම්පත් දායකයින් වශයෙන් සහභාගී වීමට නියමිතය.

    මේ සඳහා සහභාගී වීමට කැමති අය, 115588882 දුරකතන අංකය ඇමතීමෙන් හෝ satheesha@chamber.lk වෙත ඊමේල් පණිවුඩයක් යැවීමෙන් ලියාපදිංචි විය හැකි බව ලංකා වාණිජ මණ්ඩලය දන්වා සිටී.