නියම කෝපි කෝප්පයක රස විදින්න Cloé Café නාවලදී විවෘත වේ

    April, 29, 2024

    විවිධ වර්ගයේ කෝපි සහ රසවත් ආහාර පාන වර්ග රැසක් රස විඳීමට අවස්ථාව සළසන ඕස්ට්‍රේලියානු ආභාෂය ලත් Cloé Café ශ්‍රී ලංකාවේ අංක 196, නාවල පාර, නාවල ලිපිනයේදී නියෝජ්‍ය ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ලලිතා කපූර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

    WishQue ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ පිහිටි Cloé Café කෝපි සහ ආහාර පාන කලාවේ විශිෂ්ටත්වය විඳීමට අවස්ථාව සළසයි. "An Australian roast where every cup tells a story" තේමාව යටතේ ජනතාවට ගෙන එන Cloé Café ඕස්ට්‍රේලියාවේ කෝපි හා බැඳුණු සංස්කෘතිය මෙරට ප්‍රචලිත කරනු ඇත. මෙරට ප්‍රමුඛ විද්‍යුත් වාණිජ ආයතනයක් වන WishQue ආයතනයට අනුබද්ධිත Cloé Café ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කරන කෝපිවලින් පාරිභෝගිකයන්ට සුවිශේෂ අත්දැකීමක් සපයයි.

    කෝපි මූලික වන පාන, බබල් ටී සහ ආසියානු රස කැටි කළ ආහාර පාන ඇතුළු විවිධත්වයෙන් සපිරි මෙනුපතක් Cloé Café සතුය. ශ්‍රී ලංකාවේ කේක් නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන WishQue නිපදවූ කේක් ඇතුළු රසකැවිලි රැසක් රස විඳීමටද Cloé Café වෙතින් අවස්ථාව ලැබේ. ආහාර පානවලට අමතරව ස්වභාව සෞන්දර්ය උපරිමයෙන් විඳීමටද අවස්ථාව සළසා ඇති Cloé Café පරිසර හිතකාමී අයුරින් සජීවී පැළෑටි, ගස් වර්ග එක් කර නවීනත්වයට නවමු අරුතක් එක් කරමින් නිම කර ඇත. උත්සව අවස්ථා, සුවිශේෂ අවස්ථා සහ ව්‍යාපාර කටයුතු සඳහා සුදුසු ස්ථානයක් අපේක්ෂා කරන්නන්ට පෙර දැනුම් දීමකින් Cloé Café එක වෙන් කරවා ගත හැකිය. මීට අමතරව Wi-Fi, Customer Experience Center, Parking, Washrooms, Smoking Area, Outdoor Area සහිත තරු පහේ අත්දැකීමක් සහතික කරන Business Suite එකක්ද එහි පිහිටා ඇත.

    උදෑසන 8 සිට පස්වරු 8 දක්වා 0112474455 අමතා කෝපි ඇණවුම් කර රැගෙන යාමට පාරිභෝගිකයන්ට හැකිය. Uber සහ PickMe හරහාද ඇණවුම් කළ හැකිය. "අපගේ ආයතනයට පැමිණෙන සියලු දෙනාටම විශිෂ්ට අත්දැකීමක් සැපයීමට අපි ඇප කැප වී සිටිනවා. උසස්ම අමුද්‍රව්‍යවල පටන් සුවපහසු පරිසරය දක්වා සෑම දෙයකින්ම අමුත්තන්ට අමතක නොවන අත්දැකීමක් සපයන්න අප කටයුතු කරනවා. අපි සමඟ එකතු වෙලා මේ අපූරු අත්දැකීම විඳින්න එන්න කියලා සියලු දෙනාට ආරාධනා කරනවා.” Cloé Café ප්‍රධාන විධායක නිලධාරී චින්තක ජයසේකර මහතා පැවසීය.

    විශිෂ්ටත්වය කරා යාමට ඔවුන් සතු දැක්මේ කොටසක් ලෙස Cloé Café අමුද්‍රව්‍ය, නිර්මාණශීලී බව, සැමරුම් සහ විශ්වාසය යන මූලික වටිනාකම් හතර කෙරෙහි අවධානය දක්වයි. එය පාරිභෝගිකයන් තුළ ඔවුන් පිළිබඳව ප්‍රශංසනීය හැඟීමක් ඇති කිරීමට මඟ පාදයි. විවෘත කළ දිනය පුරා පාරිභෝගිකයන් වෙනුවෙන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමට Cloé Café කටයුතු කර තිබිණි. ඔවුන්ගේ නිෂ්පාදන පිළිබඳ වැඩි දුර තොරතුරු FB: @Cloecafe සහ IG: @CloecafeSL යන සමාජ මාධ්‍ය වෙතින් ගත හැකිය.