May, 26, 2022
අම්පාර දිස්ත‍්‍රික්කයේ රඹකැන්ඔය ජලාශයේ ජලපෝෂක ප‍්‍රදේශය ආශ‍්‍රිතව පිහිටා ඇති නිල්ගල වන රක්ෂිතය යනු සිංහල රාජ වංශ කතාවේ සුප‍්‍රකට වෙදැදුරු ලෙසින් සැලකෙන බුද්ධදාස රජතුමන්ගේ ඔසු උයන යැයි පැවසේ. නමුත් අද වන විට, මානව වර්ගයාගේ නොමනා ක‍්‍රියාකාරකම් හේතුවෙන් මෙම රක්ෂිතයේ අක්කර 2000 ක පමණ අති විශාල බිම් ප‍්‍රදේශයක් වන විනාශයට ලක්වී අවසන්ය. රඹකැන් ඔය ආශ‍්‍රිතව පිහිටා ඇති පොල්ලෙබැද්ද ආදිවාසී ගම්මානය ද මෙම රක්‍ෂිතයෙන් ඵල ප‍්‍රයෝජන ලබා ඇත. එම ජල පෝෂක ප‍්‍රදේශයට සිදුවී තිබෙන විනාශය අවම කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමිය අනුරාධා යහම්පත් මහත්මියගේ මූලිකත්වයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මගින්, නැවත වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය ඔසු පැල 2700 ට වැඩි ප‍්‍රමාණයක් නේචර්ස් සීක‍්‍රට්ස් ආයතනය විසින් ඉකුත්දා පැවැති එම ව්‍යාපෘති ඇරඹුමේදී පිරිනමන ලදී.
මෙසේ බෙදාදෙන ලද්දේ ඉතා වටිනා ඖෂධීය ශාක සේ සැලකෙන මී, කුඹුක්, බුලූ, බෙලි, කිරිපලූ, මූණමල්, කරඳ, දොඹ, සියඹලා, කොස්, කොබෝනීල, දිවුල් සහ නාවා යන ශාක විශේෂ දහතුනකි.
මෙම සුවිශේෂී අවස්ථාවට ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තෝ ද සහභාගී වූ අතර නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, මහාචාර්ය පියල් මාරසිංහ, නැගෙනහිර පළාත් ආයුර්වේද කොමසාරිස්තුමිය, නැගෙනහිර පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන්, මහඔය ප‍්‍රාදේශීය ලේකම්තුමන්, මහඔය පොලිස් ස්ථානාධිපතිතුමන්, අවට පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරු සහ සිසුන්, පාසල් වල පරිසර නියමුවන්, පරිසර ක‍්‍රියාකාරීන් සහ අවට ගම්වාසීන් ඇතුලූ විශාල පිරිසක් සහභාගී වූහ. ඊට අමතරව ශ‍්‍රී ලංකා යුද හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකායේ දායකත්වය මේ වටිනා අවස්ථාවට ලබා දුනි. මෙසේ පිරිනමන ලද ඔසු පැල, එහි පැමිණ සිටි පිරිසගේ සහභාගීත්වයෙන් රෝපනය කිරීමද සිදුවිය.
නේචර්ස් සීක‍්‍රට්ස් ආයතනයට වසර 20 ක් සපිරීමට සමගාමීව පරිසරයේ සුරක්ෂිත බව සහ තිරසාර බව ඉහළ නැංවීමේ තවත් ව්‍යාපෘතියක් ලෙස ”සිරිලක ඔසු උයනක් කරමු” යන සංකල්පය යටතේ 2020-2025 කාලය තුල ඖෂධීය පැල 100,000 ක් පරිසරයට දායාද කිරීම ඉලක්ක කර ඇත. මෙම ව්‍යාපෘතියේදී දුර්ලභ සහ ඖෂධීය වටිනාකමක් ඇති පැලෑටි නේචර්ස් සීක‍්‍රට්ස් ආයතනයේ ඖෂධ උයනේම රෝපණය කර ලංකාව පුරා බෙදාහැරේ. අක්කර 13 කින් යුත් හොරණ, මිල්ලෑවේ පිහිටා ඇති නේචර්ස් සීක‍්‍රට්ස් ආයතන පරිශ‍්‍රයේ, මෙරට පුද්ගලික අංශයේ ආයතනයක් සතු විශාලතම ඖෂධ උයන පිහිටා ඇති අතර එය මෙරට පිහිටි ඔසු උයන් අතරින් විශාලත්වය අතින් දෙවෙනි වනුයේ රජය සතු එක් ඖෂධ උයනකට පමණි.
මෙරට ඇති ඖෂධීය ශාක වර්ග 1400 ක පමණ ප‍්‍රමාණයක් අතරින් ජෛව විවිධත්වයත්, ශාක සහ සත්ත්ව ප‍්‍රජාවගේ තිරසාරභාවයත් උදෙසා සක‍්‍රියව දායකවෙමින් වඳවී යෑමේ තර්ජනයට මුහුණ දී ඇති දුර්ලභ ශාක හා ඖෂධීය පැළෑටි ද සමග ශාක විශේෂ 800 කට වඩා වැඩි ගණනක් ලෝක ප‍්‍රජාව වෙනුවෙන් වගාකර රැකබලා ගැනීම එහිදී සිදු කෙරේ. ශ‍්‍රී ලංකාව සතු ඖෂධීය ශාක වර්ග අතුරින් 60% ක් පමණ මෙම ඔසු උයනේ පැවත’ම කැපී පෙනෙයි. නේචර්ස් සීක‍්‍රට්ස් ආයතනය ආරම්භයේ සිටම හරිත පසුබිමකින් පරිසර හිතකාමී නිෂ්පාදන ක‍්‍රියාවලියක ප‍්‍රමුඛයා වූවා සේම, පරිසර සංරක්ෂණය වෙනුවෙන් කාබන් වායු විමෝචනය අවම කිරීමේ අරමුණින් කාබන් ඍණ සංකල්පය පවත්වාගෙන යමින් පෙරටුගාමී මෙහෙවරක නිරත වෙයි.
නේචර්ස් සීක‍්‍රට්ස් ආයතනයේ ”සිරිලක ඔසු උයනක් කරමු” ව්‍යාපෘතිය යටතේ මේ වන විට පරිසර අමාත්‍යංශය හා මධ්‍යම පරිසර අධිකාරිය දියත් කළ ”සදාහරිත හෙටක්” සහ ”සුරකිමු ගංගා” ව්‍යාපෘති, ශ‍්‍රී ලංකා යුධ හමුදාව යටතේ සිදුවන නැවත වන වගා ව්‍යාපෘති, විවිධ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, පාසල්, තරුණසේවා මධ්‍යස්ථානයන් හී විවිධ ව්‍යාපෘති සඳහා ද නකල්ස් නැවත වන වගා ව්‍යාපෘතියන් සඳහා ද ඖෂධීය පැල ලබා දී ඇත. නේචර්ස් සීක‍්‍රට්ස් ආයතනය ලොව වඩාත්ම පරිසර හිතකාමී රුපලාවන්‍ය නිෂ්පාදකයා වීමේ අරමුණ වෙත යන ගමනේදී පරිසරය සංරක්ෂණය කරමින් පාරිසරික උරුමයන් රැකදීමේ තම ආයතනික යුතුකම නිරන්තරයෙන් සහ මැනවින් ඉටුකරනු ලබයි.

