April, 14, 2020
කොවිඞ් -19 සමග සටන් කරන කාලයේ මතුව ඇති සීමාවන් මගහරවා ගැනීමට රක්ෂණ වාරික ගෙවීමේ විකල්ප සහ හිමිකම් ගෙවීමේ පහසුකම් හඳුන්වා දෙයි
කොවිඞ්-19 වසංගත තත්ත්වය පැතිර යෑම වලක්වමින් තමන්, තමන්ගේ පවුලේ සාමාජිකයින් සහ ප්‍රජාව ආරක්ෂා කිරීමට නිවස්වල රැඳී සිටින සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ඔප්පුහිමියන්ගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා සමාගම විසින් බහුවිධ අන්තර්ජාල ගෙවීම් සේවා සහ සන්නිවේදන විකල්ප මෙන්ම රක්ෂණ හිමිකම් ගෙවීම සඳහා පහසුකම් සැලසීමට කටයුතු කර තිබේ.
මේ අනුව, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා සඳහන් කරන්නේ වර්තමාන ඇඳිරි නීති කාල සීමාව තුළ සහ ස්වයං නිරෝධායනයට ලක්වී සිටින කාල සීමාව තුළ රක්ෂණ ඔප්පුවල වාරික ගෙවීම් අතපසුවීම වැලැක්වීම සඳහා සමාගම විසින් අන්තර්ජාලය පදනම් කරගත්, ජංගම දුරකතනය පදනම් කරගත් සහ ඇප් පහසුකම් පදනම් කරගත් ගෙවීමේ විකල්ප සක්‍රීය කර තිබෙන බවයි. මීට අමතරව, ගනුදෙනුකරුවන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදීම සඳහා සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානය සහ සමාජ මධ්‍ය පිටු මේ වනවිට සක්‍රීය කර තිබෙන බවද සමාගම සඳහන් කරයි.
‘මෙම කාල සීමාව ගනුදෙනුකරුවන්ට සහ සමාගම් වලට ඉතාමත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක්. මෙම අර්බුදයේදී අඩුම හානියක් ඇතිවන අන්දමට සියළුම කොටස්කරුවන්ගේ අපේක්ෂා ඉටුකරමින් තවදුරටත් පැවතීම සඳහා තාක්ෂණය මගින් ලබාදී තිබෙන අවස්ථාවන් උපරිමයෙන් භාවිතා කළ යුතුයි.’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, තුෂාර රණසිංහ මහතා පැවසීය. ‘අපි විසින් අරගෙන තිබෙන පියවර වලට අනුව රක්ෂණ ඔප්පුහිමියන්ට ආරක්ෂාකාරීව තම නිවෙස්වල රැඳී සිටින අතරම තමන්ගේ රක්ෂණ වාරික නිසි වේලාවට ගෙවීමේ අවස්ථාව හිමි වෙනවා.’
සමාගම විසින් රක්ෂණ වාරික මුදල් ගෙවීම සඳහා ලබාදී තිබෙන විකල්ප අතර සමාගමේ වෙබ් අඩවිය හරහා ලබාදී තිබෙනි ‘Easy Pay’ විකල්පය කැපී පෙනෙන අතර මෙයට ඉතාමත් පහසුවෙන් පිවිසී පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකිවේ. මෙහිදී, කරදරයකින් තොරව රක්ෂණ වාරික මුදල් ගෙවීම සඳහා අවශ්‍ය වන්නේ රක්ෂණ ඔප්පුවේ අංකයයි.
මීට අමතරව, සමාගම විසින් ‘Direct Pay’ නමින් ගෙවීමේ විකල්පයක්ද හඳුන්වා දී තිබේ. මෙහිදී, සමාගම විසින් ගනුදෙනුකරුවාට තමන්ගේ රක්ෂණ ඔප්පුවේ තොරතුරු/ ක්‍රෙඩිට් කාඞ් සහ ඩෙබිට් කාඞ් අංක ආරක්ෂිතව අන්තර්ජාලය ඔස්සේ එවීම සඳහා කෙටි පණිවුඩයක් මගින් ලින්ක් එකක් එවනු ලබයි.
එසේම, සමාගම මේ වනවිට ගෙවීම් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකු සමග සහ FriMi, eZ Cash, mCash සහ Genie යන මොබයිල් වොලට් සේවා සමග සම්බන්ධ වී ඇත. මේ තුළින් ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක රක්ෂණ වාරික මුදල් ගෙවිය හැකිවේ.
සමාගමේ දැනටමත් සිටින සහ සම්බන්ධ වීමට බලාපොරොත්තු වන ගනුදෙනුකරුවන්ට තොරතුරු හෝ පැහැදිලි කිරීමක් අවශ්‍ය විට දිනයේ පැය 24 පුරා සෙලින්කෝ ලයිෆ් සමාගමේ වෙබ් අඩවිය වන www.ceylincolife.com සමග සම්බන්ධවී එහි ඇති ඉන්ටරැක්ටිව් චැට් බොට් සේවාව වන ‘සෙලීනා’ ආශ්‍රයෙන් ජීවිත රක්ෂණය හා සම්බන්ධ ප්‍රශ්න වලට පිළිතුරු ලබාගැනීමට අවස්ථාව හිමිවේ.
සමාගම විසින් පවත්වාගෙන යන අන්තර්ජාල ගෙවීමේ විකල්ප පිළිබඳව අවශ්‍ය පැහැදිලි කර ගැනීම් සමාගමේ හොට්ලයින් අංකය වන 0112461461 අමතා හෝ සමාගමේ වට්ස්ඇප් සහ වයිබර් අංකය වන 077 5776556 වෙත ඉදිරිපත් කළ හැකිවේ.
මීට අමතරව, සමාගමෙන් හිමිකම් ලබාගැනීමට අවශ්‍ය රක්ෂණ ඔප්පු හිමියන් සමාගමේ ඇමතුම් මධ්‍යස්ථානයට අමතා ඒ බව දැනුම් දිය යුතු අතර ඊ-මේල් සහ වට්ස්ඇප් මාර්ගයෙන් අවශ්‍ය ලියකියවිලි ලබාගෙන එම හිමිකම් කෙලින්ම රක්ෂණ ඔප්පු හිමියාගේ ගිණුමට ගෙවීමට සමාගම කටයුතු කරනු ඇත.
2020 වසරේදී ස්ලිම්-නීල්සන් විසින් පිට පිටම 14 වන වසරටත් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම ලෙසින් සෙලින්කෝ ලයිෆ් සමාගම සම්මානයට පාත්‍රකළ අතර 2019 වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත්ම වටිනා ජීවිත රක්ෂණ සන්නාමය ලෙසින් බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සමාගම තෝරා ගන්නා ලදී. එසේම, 2019 වසරේදී ICCSL විසින් මෙරට ගෞරවණීයම සමාගම් 10 ලයිස්තුවටද සමාගම ඇතුළත් කළ අතර 2019 වසරේදී වර්ල්ඞ් ෆයිනෑන්ස් මගින් පිට පිටම හයවන වතාවටත් මෙරට හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙසත් බිස්නස් ටුඬේ වර්ගීකරණයේදී සමස්තයක් වශයෙන් මෙරට ප්‍රධානතම සමාගම් 30 අතුරන් 06 වන ස්ථානයටත් සමාගම තෝරා ගන්නා ලදී.
සෙලින්කෝ ලයිෆ් සක්‍රීය රක්ෂණ ඔප්පු මගින් ජීවිත ලක්ෂ 10 කට ආසන්න ගණනක් ආවරණය කර තිබේ. නිර්මාණශීලී සැලසුම් හඳුන්වාදීම සහ සංවර්ධනය, පාරිභෝගික සේවා, වෘත්තීය සංවර්ධනය සහ ආයතනික සමාජ වගකීම යන අංශ සම්බන්ධයෙන් සමාගම ක්‍රියාකර තිබෙන ආකාරය අනුව දේශීය රක්ෂණ කර්මාන්තයේ නවෝත්පාදනයන් සම්බන්ධයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම මිනුම් ලකුණක් වේ.