නිවසේ සිට රාජකාරී සහ ඉගෙනීම් කටයුතු කරන පරිශීලකයින්ට එයාර්ටෙල් වෙතින් නවතම ඩේටා පැකේජයක්

    August, 10, 2020

    e-learning වේදිකා, රැස්වීම් සහ සජීවී අන්තර්ජාල විකාශයන් ආදී කටයුතුවලට වැඩි වශයෙන් යොමු වීම හේතුවෙන් ඉහළ යන ඩේටා භාවිතයට ප‍්‍රතිචාරයක් ලෙස ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම නිවසේ සිට රාජකාරී සහ ඉගෙනීම් කටයුතුවල නිරත වන සිය පරිශීලකයින්ට සහාය වීම සඳහා නවතම පැකේජයක් හඳුන්වා දී ඇත.

    ජීවිතය ක‍්‍රමයෙන් යතා තත්වයට පත් වුවත් නිවසේ සිට අඛණ්ඩව රාජකාරී කටයුතු කරගෙන යාමට කැමත්තක් ශ‍්‍රම බලකාය තුළින් දක්නට ඇත. ඒ හා සමානව, නිරන්තරයෙන් සම්බන්ධතාවය පවත්වා ගැනීමට තාක්ෂණයන් භාවිතා කිරීමේ පහසුව නිසා අදවන විට පුළුල් ලෙස භාවිතා කරන දුරස්ථ ඉගෙනුම් මෙවලම් හා online වේදිකා වෙත බොහොමයක් පාසැල්, දෙමාපියන් හා සිසු සිසුවියන් වැඩි වශයෙන් යොමු වීමක් දක්නට ලැබේ.

    මෙම නවතම ඬේටා පැකේජය ඇදහිය නොහැකි ආකාරයේ පහසුකම්වලින් යුතුව නිවසේ සිට ඉගෙනීම් කටයුතුවල නිරත වීමට හැකි පරිදි වැඩි දියුණු කර ඇති අතර දුරස්ථ ඉගෙනුම් මෙවලම් සහ Google Classrooms, Zoom, Microsoft Teams, Microsoft Outlook, Microsoft Office 365 වැනි e-learning වෙබ් අඩවි හා රජයේ අනෙකුත් අනිවාර්ය e-learning වෙබ් අඩවි සඳහා දින 30ක කාලයක් සඳහා අසීමිත භාවිතාවක් මෙම දීමනාව මඟින් ලබා දෙනු ඇත.

    මෙම පැකේජය සියලූම වයස් කාණ්ඩවල පුද්ගලයින්ට බාධාවලින් තොර හා ආරක්ෂිත වෙබ් අඩවිවලට ප‍්‍රවේශයක් ලබා දෙන අතර කිසිඳු අමතර ඬේටා එකතු කිරීමකින් තොරව නිවසේ සිට ඉගෙනීම් කටයුතුවල නිරත වන පරිශීලකයින් සඳහා වඩාත් සුදුසුය. නිවසේ සිට රාජකාරී කටයුතු කරන පුද්ගලයින්ට ඒ හා සමාන වේදිකාවන්ට පිවිසීමට හැකියාව ඇති අතර මෙම වේදිකාවලින් පිටත වෙනත්  ඕනෑම ඬේටා භාවිතයකදී එය පරිශීලකයාගේ දැනට පවතින ඬේටා සැලැසුම යටතට ගැනෙනු ඇත.

    බදු ඇතුළුව රුපියල් 1499/-ක් වැනි මිලකට හඳුන්වා දෙන මෙම නවතම ඬේටා සැලසුම පෙර ගෙවුම් පාරිභෝගිකයින්ට ලබා ගත හැකිය. මෙම SFH හා WFH ඬේටා දීමනාව අමතර ඬේටා එකතු කිරීමේ විකල්පයක් ලෙස හඳුන්වා දෙන අතර දිනපතා උදෑසන 8 සිට රාත‍්‍රී 10 දක්වා භාවිතයට ගත හැකිය. මෙම පැකේජ දෙකම ‘My Airtel’ යෙදවුම හරහා මිලදී ගත හැකිය. වැඩි විස්තර සඳහා ‘My Airtel’ යෙදවුම වෙත හෝ www.airtel.lk වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.