නිවසේ සිට සාප්පු සවාරි අත්දැකීමක් සමඟ විශේෂ ප‍්‍රතිලාභ හිමි කර ගැනීමට HNB කාඞ්පත් හිමියන්ට අවස්ථාවක්

    November, 18, 2020

    වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් සිය කාඞ්පත් හිමියන්ට නිවසේ සිට සාප්පු සවාරි අත්දැකීමක් ලබා ගත හැකි බව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ මාර්ගගත (online) අලෙවිසැල් සමඟ අත්වැල් බැඳ ගනිමින් විශේෂ ප‍්‍රතිලාභ රැුසක් හා පහසු වාරික ගෙවීමේ සැලසුම් සහිත සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී ඇති බව නිවේදනය කර ඇත

    මේ අනුව, තෝරා ගත් වෙළෙඳ සහකරුවන් සමඟ ගනුදෙනුකාරභවතුන්ට 50%ක් දක්වා සුවිශේෂී වට්ටම් ලබා ගත හැකි බව HNB දන්වා සිටී. 2020 දෙසැම්බර් 31 දක්වා මාස 3, 6 හා 12 ක කාලයක් සඳහා සියලූම රක්ෂණ, සෞඛ්‍ය සේවා සහ අධ්‍යාපන ආයතන සමඟ රුපියල් 10,000 සිට රුපියල් මිලියනයක් අතර සිදු කරනු ලබන ගනුදෙනු සඳහා 0% වාරික ගෙවීමේ විකල්පයක් ද බැංකුව හඳුන්වා දී ඇත.

    HNB ණයපත් හිමියන්ට www.keellssuper.com වෙතින් රුපියල් 2500/-ට වැඩි වටිනාකමින් යුතු ඇණවුම් හතරක් බෙදා හැරීමේදී අය කරන ගාස්තුව සඳහා ආපසු මුදලක් හිමි වනු ඇත. එමෙන්ම, E-order, වට්ස්ඇප් හා ඇමතුමක් ලබා දී ඇණවුම් කිරීමේ පහසුකම් ඇති ආර්පිකෝ සුපිරි වෙළෙඳසැල් වෙතින් රුපියල් 3000/-කට වැඩි වටිනාකමින් යුතු මිලදී ගැනීමකදී මුළු බිල්පත් වටිනාකමින් 10%ක වට්ටමක් ද PickMe හරහා සිදු කරනු ලබන උපරිම ඇණවුම් පහක් සඳහා රුපියල් 200/-ක වට්ටමක් ද ණයපත් හිමියන්ට හිමි වනු ඇතx 2020 නොවැම්බර් 30 වනදා දක්වා කාලය තුළ මෙම ප‍්‍රවර්ධනය ක‍්‍රියාත්මක වේ.

    මේ අතර, Glomark.lk වෙළෙඳ වෙබ් අඩවිය හරහා සෑම සිකුරාදා දිනකම බඩු භාණ්ඩ මිලදී ගැනීමේදී රුපියල් 4000/-කට වැඩි බිල්පත් සඳහා ණයපත් හා හරපත් හිමියන්ට පිළිවෙලින් 20%ක් හා 10%ක් වශයෙන් වට්ටමක් හිමි වනු ඇත. මෙම ප‍්‍රවර්ධනය 2020 දෙසැම්බර් 25 දක්වා ක‍්‍රියාත්මක වේ.
    Daraz, Takas.lk සහ Wasi.lk වැනි අපගේ අනෙකුත් අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවි සහකරුවන් විසින් HNB හරපත් හා ණයපත් හිමියන්ට 15%ක් හා 10%ක් දක්වා විශේෂ මිල අඩු කිරීමක් ලබා දෙනු ඇති අතර මේ සමඟ HNB ණයපත් සඳහා මාස 3, 6, 12 හා 24 ක කාලයක් සඳහා 0% වාරික සැලසුමක් ද හිමි වේ. මෙය 2020 දෙසැම්බර් 31 දක්වා ක‍්‍රියාත්මක වේ.

    මීට අමතරව, 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ මාස 3, 6, 12 හා 24 ක කාලයක් සඳහා වලංගු 0% වාරික සැලසුමක් සහිත Bigdeals.lk සහ Buyabans.com හි තෝරා ගත් භාණ්ඩ සඳහා 50%ක් දක්වා වට්ටමක් ප‍්‍රතිලාභ හිමි කර ගැනීමට HNB ණයපත් හිමියන්ට හැකියාව ඇත.

    තවද, HNB ණයපත් හිමියන්ට 2020 දෙසැම්බර් 31 දක්වා කාලය තුළ insureme.lk වෙතින් ලබා ගන්නා මාස 3, 6 හා 12 කාලයක් සඳහා වලංගු 0% වාරික සැලසුමක් සහිත ජීවිත සහ මෝටර් රථ වාහන රක්ෂණ සඳහා මූලික වාරික ගෙවීමේදී 10%ක වට්ටමක් ද ලබා ගත හැකිය.

    විශේෂයෙන්ම, සිය ණයපත් හිමියන් Uber Eats ඔස්සේ සිදු කරන සෑම ඇණවුමක් සඳහා ආපසු රුපියල් දෙසීයක මුදලක් ලබා දීමේ සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් ද බැංකුව විසින් හඳුන්වා දී ඇත. මෙහිදී පාරිභෝගිකයෙකුට සෑම මසකම උපරිම ගනුදෙනු පහක් පමණක් සිදු කළ හැකි අතර 2021 ජනවාරි 15 දක්වා මෙය ක‍්‍රියාත්මක වේ.

    ඉහත සඳහන් කළ දීමනා සහ වට්ටම් හා ප‍්‍රවර්ධනයන් පිළිබඳ වැඩි විස්තර https://www.hnb.net/personal/promotions/card-promotions ඔස්සේ ලබා ගත හැකිය.