March, 31, 2026
නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ කොටස් ප්‍රාග්ධනයෙන් ස්ථාපිත කරනු ලැබ ඇති ඕෂන් විව් ඩිවලොප්මන්ට කම්පනි (ප්‍රයිවට්) ලිමිටඩ් සමාගමට අයත් පර්වස් 100කින් යුත් දෙල්කඳ පිහිටි ඉඩම් කොටසක සුඛෝපභෝගී නිවාස 70කින් සමන්විත මහල් නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස 2022-01-31 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
එහෙත්, එම කාලවකවානුවේ රට තුළ පැවති අයහපත් ආර්ථික තත්ත්වය හේතු කොට ගෙන එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර නොමැත.
යෝජිත නිවාස ව්‍යාපෘතිය නිවාස 70 සිට නිවාස 120ක් දක්වා වැඩි කර, ක්‍රියාත්මක කිරීම පිණිස එම සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් තීරණය කර ඇත.
ඒ සඳහා අවශ්‍ය අරමුදල් සමාගමේ අභ්‍යන්තර අරමුදල්, නිවාස ඒකක පෙර විකිණීම් මඟින් සහ බැංකු ණය මුදලක් මඟින් සලසා ගැනීමට අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව, තරගකාරී ප්‍රසම්පාදන ක්‍රම වේදය අනුගමනය කරමින් ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා සුදුසු කොන්ත්‍රාත් සමාගමක් තෝරා ගැනීම පිණිස නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.