August, 19, 2019
2019 ජූලි මාසයේ දී නිෂ්පාදන ක්රියාකාරකම් තවදුරටත් වැඩි වේගයකින් වර්ධනය විය. ඒ අනුව, 2019 ජුනි මාසයට සාපේක්ෂ ව දර්ශකාංක 1.8කින් ඉහළ යමින් 2019 ජූලි මාසයේ දර්ශක අගය 55.7ක් ලෙස වාර්තා කරන ලදී. විශේෂයෙන්ම ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශයෙහි නව ඇණවුම්වල සිදු වූ සැලකියයුතු ඉහළ යෑම හේතුවෙන් නිෂ්පාදන ක්රියාකාරකම්හි සිදු වූ ඉහළ යාම ද, නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයේ මෙම වර්ධනය කෙරෙහි ප්රධාන වශයෙන් හේතු විය. පාස්කු ඉරිදා දින සිදු වූ ප්රහාරයෙන් පසු බාධා පැමිණ තිබූ ආර්ථික ක්රියාකාරකම් නැවත යථා තත්ත්වයට පත්වීම, නව ඇණවුම් ඉහළ යාම කෙරෙහි ප්රධාන වශයෙන් හේතු විය. මේ අතර, රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදන අංශයෙහි බොහෝමයක් ප්රතිචාර දක්වන්නන් ඉස්මතු කළ පරිදි එම අංශයෙහි සේවකයින් සේවය හැර යෑම් ඉහළ මට්ටමක පැවතිය ද, සේවා නියුක්ති උප දර්ශකය අඩු වේගයකින් වර්ධනය විය.


Video Story