July, 3, 2019
දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ශනයක් සහිත නුවරඑළිය ප්රදේශ්ය මෙරට උච්ඡත්වයෙන් ඉහළම ස්ථානයක පිහිටා තිබීම හා සුන්දර පරිසරයකට හිමිකම් කීම හේතුවෙන් එම ප්‍රදේශය සඳහා වන සංචාරක ආකර්ශනය තවදුරටත් ඉහළ නැංවීමේ පියවරක් ලෙස නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සීමාසහිත අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම විසින් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 50 ක පමණ ආයෝජනයක් යටතේ නානුඔය දුම්රිය ස්ථානය, නුවරඑළිය තුරඟ තරඟ පිටිය හා සිංගල් ට්‍රී කඳු මුදුන යා කරමින් කුළුණු 21 ක් මක ගොඩනැගීමට යෝජිත මෙම ව්‍යාපෘතිය, මගීන් 10කට ගමන් කළ හැකි කුටි 86කින් සමන්විත වන තර එහි පළමු අදියර යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කරනු ලැබ ඇත.
ඒ අනුව මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
ඡායාරූපය - මැලේසියාවේ Langkawi හි ක්‍රියාත්මක කේබල් කාර් සේවයක්.
Video Story