නෙස්ලේ ලංකා වාර්ෂික ලාභ ඉහළ යද්දී දෙසැම්බර් ලාභ වැටේ

    February, 26, 2014

    2013 දෙසැම්බර් කාර්තුවේදී නෙස්ලේ ලංකා සමාගමේ ලාභය සියයට 22 කින් පහළ ගොස් රුපියල් මිලියන 697 ක්වී තිබේ.

    සමාගම මේ පිළිබඳව අනාවරණය කර තිබෙන අතර දෙසැම්බර් කාර්තුවේදී කොටසකට අදාළව සමාගම ලබා තිබෙන ලාභය රුපියල් 12.99 කි.

    2013 වසරේදී නෙස්ලේ ලංකා සමාගමේ ලාභය සියයට 15 කින් වර්ධනය වී රුපියල් බිලියන 3.3 ක්වී තිබේ.

    එම වසර වෙනුවෙන් සමාගම ලබා තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 61.51 කි.

    සමාගම පවසා තිබෙන්නේ පසුගිය මුදල් වසරේදී අභියෝග වලට මුහුණ දෙමින් සැලකිය යුතු ආදායම් වර්ධනයක් ලබා ගැනීමට සමාගම සමත්වූ බවත් එහිදී කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීමටත් පිරිවැය අඩු කරගැනීමටත් හැකිවූ බවයි.

    පසුගිය වසරේදී නෙස්ලේ ලංකා සමාගම විසින් මෙරට ගොවීන් 18,000 කින් එකතු කර තිබෙන නැවුම් කිරි ප්‍රමාණය ලීටර් මිලියන 62 කි.