නෙළුම් කුළුණට තවත් ඉඩම් ගැනීමට සැරසෙයි

    October, 11, 2014

    කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඉදිකරමින් තිබෙන කොළඹ නෙළුම් කුළුණ නම් මීටර් 350 ක් උස බහුකාර්ය කුළුණ හා විනෝද කටයුතු මධ්‍යස්ථානය සඳහා යාබදව තිබෙන තවත් ඉඩම් ප්‍රමාණයක් පවරා ගැනීමට රජය සැරසෙයි.

    මෙම කටයුතු කරගෙන යාමට අමාත්‍ය මණ්ඩල අනුමැතියද ලැබී තිබේ.

    නෙළුම් කුළුණ ආශ‍්‍රිත භූමි ප‍්‍රදේශය වාහන නැවැත්වීමේ පහසුකම්ද සහිතව අවශ්‍ය යටිතල පහසුකම්ද සමඟින් විනෝද උයනයක් වශයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.

    කුළුණේ ව්‍යුහාත්මක කටයුතු 2015 ජූනි මස වනවිට නිම කිරීමට සැලසුම් කර ඇත.