නේෂන්ස් ට්‍රස්ට් සභාපති පුටුවට ක්‍රිෂාන් බාලේන්ද්‍ර සමුදෙයි. නව සභාපති ගිහාන් කුරේ

    August, 30, 2018

    ලැයිස්තුගත බැංකු සමාගමක් වන නේෂන්ස් ට්‍රස්ට් බෑන්න් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා 2018 දෙසැම්බර් 01 දින සිට එම තනතුරින් විශ්‍රාම ගන්නා බව, බැංකුව විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී.

    බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා බලපවත්වන නියාමනයන්ට අනුව බැංකුවක සභාපතිධූරය දැරීම යම් පුද්ගලයෙකුට උපරිම වසර 9කට සීමා කර තිබේ.

    ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා 2009 දෙසැම්බර් 01 දින නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ සභාපති ධූරයට පත් වූ අතර මෙම වසරේ දී වසර 9 ක ධූර කාලයක් සම්පූර්ණ බැවින් ඔහු මෙලෙසින් එම තනතුරින් විශ්‍රාම ගැනීමට නියමිතය.

    මේ අතර ඊයේ (29) පැවති නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේ දී ගිහාන් කුරේ මහතා 2018 දෙසැම්බර් 01 දින සිට නව සභාපතිවරයා ලෙසින් පත් කිරීමට ඒකමතිකව තීරණය වී තිබේ.