නේෂන්ස් ට‍්‍රස්ට් ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඩ්පත් හිමියන්ට අලියාන්ස් ඉන්ෂුවරන්ස් වෙතින් විශේෂ ජීවිත රක්ෂණයක්

    December, 5, 2019

    නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් හිමියන් හට දැන් අලියාන්ස් ඉන්ෂුවරන්ස් වෙතින් සුවිශේෂී ජීවිත රක්ෂණ ප‍්‍රතිලාභ හිමිකර ගැනීමේ අවස්ථාව උදා වී ඇත. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් සහ අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමාගම අතර එළඹි විශේෂ ගිවිසුමකට අනුව මෙම නවතම රක්ෂණාවරණ පහසුකම් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් හිමියන්ට පමණක් හිමිවන වරප‍්‍රසාදයකි. ඒ අනුව, කාඞ්පත් හිමියාගේ අකල් මරණයකදී හෝ පූර්ණ හා සදාකාලික ආබාධයකදී මෙම ආවරණය සැලසෙනු ඇත.

    මේ පිළිබඳව අදහස් දක්වමින් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ කාඞ්පත් ප‍්‍රධානී නිලූක ගුණතිලක මහතා මෙසේ පැවසීය. ‘‘අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවිත වලට වටිනාකම් එක්කරමින් ඔවුන්ට උපරිම පහසුවක් සමග සුවිශේෂී වූ සේවාවන් සැලසීමට නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් සෑම විටම උත්සාහ කරනවා. එහි තවත් පියවරක් ලෙස මේ ආකාරයට අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමග එක්වී මෙම ජීවිත රක්ෂණය හඳුන්වා දීමට හැකිවීම අපට මහත් සතුටක්. තම කාඞ්පත් භාවිතයෙන් මෙම රක්ෂණය සඳහා ලියාපදිංචි වීම මගින් ගනුදෙනුකරුවන්ට වාරික ගෙවීම සඳහා ස්වයංක‍්‍රීය බිල්පත් ගෙවීමේ සේවාව භාවිතා කිරීමටත් හැකියාව ලැබෙනවා. නොසිතූ මොහොතක පැමිණෙන අවාසනාවන්ත සිදුවීම් වලට ශක්තිමත් ලෙස මුහුණදීමට අවශ්‍ය මනා අඩිතාලමක් මෙම රක්ෂණය මගින් ඔවුන්ට හිමි වේවි.”

    අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකාහි නියෝජ්‍ය ප‍්‍රධාන විධායක නිලධාරී නිහාල් හඳුන්ගේ මහතා අදහස් දැක්වූයේ මෙසේ ය. ‘‘රක්ෂණ සමාගමක් ලෙස අප ජීවිත වල වටිනාකම මෙන්ම අනපේක්ෂිත සිදුවීම් මගින් පවුලේ ආදරණීයයන්ට ඇතිවන බලපෑම හොඳින් දන්නවා. ශ‍්‍රී ලාංකිකයන්ට වඩාත් පහසුවෙන් ජීවිත රක්ෂණ ලබාගැනීම සඳහා නව ක‍්‍රමවේද හඳුන්වා දීමට අප සෑම විටම කටයුතු කරන්නේ ඒ නිසයි. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව සමග ඇතිකරගත් හවුල්කාරීත්වය නිසා දැන් අපට තවත් විශාල පිරිසකට තමන් කැමති ස්ථානයක සිට රක්ෂණයක් මිලදී ගැනීමේ අවස්ථාව ලබාදීමට හැකිවී තිබෙනවා. සීමිත කාලයක් සඳහා ලබාදෙන මෙම දීමනාවෙන් උපරිම ප‍්‍රයෝජන ගනිමින් තම ආදරණීයයන්ගේ සිතේ සැහැල්ලූව සහතික කිරීමට නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ ඇමරිකන් එක්ස්ප‍්‍රස් කාඞ්පත් හිමියන් කටයුතු කරනු ඇති බව මගේ විශ්වාසයයි.”

    ‘Business Today’ සඟරාව මගින් නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මෙරට විශිෂ්ටතම ව්‍යාපාරික ආයතන 15 අතරට නම්කර තිබේ. පුළුල් පරාසයක පැතිරුණු පාරිභෝගික අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි මූල්‍ය සේවාවන් හා විසඳුම් රැුසක් හඳුන්වා දී ඇති නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව පාරිභෝගික සේවාව සම්බන්ධයෙන්ද විශාල ප‍්‍රසාදයක් දිනා සිටී. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම පූර්ණ ඩිජිටල් බැංකුකරණ අත්දැකීම වන FriMi හඳුන්වා දෙන ලද්දේද නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව විසිනි. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 96 ක් විවෘත කර ඇති අතර ATM යන්ත‍්‍ර 127 ක්ද ස්ථාපිත කර ඇතග ඊට අමතරව මේ වනවිට එම බැංකුව මුදල් තැන්පත් කිරීමේ හා ආපසු ගැනීමේ යන්ත‍්‍ර 48 ක්ද ස්ථාපිත කර ඇති අතර Lanka Pay ජාලය ඔස්සේ තවත් ATM යන්ත‍්‍ර 3,500 කට අධික සංඛ්‍යාවක් සමග සම්බන්ධ වී සිටී.

    ඡායාරූපය: ගිවිසුම අත්සන් තබන අවස්ථාවට එක්වූ නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ සහ අලියාන්ස් ඉන්ෂුවරන්ස් සමාගමේ නියෝජිතයන්